brand logo

2020 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් නොලැබීම ගැන කණගාටුයි

02 January 2019

2020 වස‌රේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නොහැකිවූවත් එම තරඟාවලියේදී හොදින් තරඟ කිරීමට හැකි බව තමන්ට විශ්වාස බව ලසිත් මාලිංග පවසනවා. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් මාලිංග පවසා ඇත්තේ, "2020 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සෘජු සුපිරි කණ්ඩායම් 12  අතරට එක්වීමට නොහැකිවීම ගැන කණගාටුයි. නමුත් එය අපට හොඳින් තරග කිරීමට හැකි බව මට විශ්වාසයි." "අවසන් මහා තරග තුනක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එක් තරගයක් ජයග්‍රහණය කළා. ඒක ස්වභාවිකයි, හැමෝම බලාපොරොත්තු වන්නේ හොදම කණ්ඩායම් 8 අතරට එන්න. ඒත් අපි තරගාවලියට සුදුසුකම් ලැබීමේ අතිරේක තරඟ වලදී අප අවස්ථාවක් ලබා ගත යුතු අතර ඛාණ්ඩ යටතේ තරඟය සඳහා හොඳින් සූදානම් විය යුතුයි." 2020 වස‌රේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව මෙවර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ අයර්ලන්ත යන කණ්ඩායම් වලට අහිමිවුණා. ඇෆ්ගනිස්ථානය සෘජුව සුදුසුකම් ලැබීම ඉතාමත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වුණා.
 

More News..