brand logo

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

12 November 2020

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය. උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන රැසක් එක්වීමෙන් අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 2021 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 17 වන දින අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වේ.
 

More News..