brand logo

2020 මාර්ග අනතුරුවලින් 3000ක් මිය යනවා - අමරවීර කියයි

26 February 2020

මෙම වසර තුළ මාර්ග අනතුරු නිසා අඩු තරමින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මියයාමට ඉඩ ඇතැයි ප්‍රවාහණ හා සෞඛ්‍ය අංශ පුරෝකථනය කර ඇති බව ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැනට සිදුවන රිය අනතුරු ප්‍රමාණය සම්බන්ධව සැළකිල්ලට ගනිමින් මෙම වසර තුළ අඩු තරමින් පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මරණයට පත්වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා ප්‍රවාහණ අංශ පුරෝකථනය කරමින් අනතුරු අගවා ඇති බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. අද දින (26) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම වසර තුළ මාර්ග අනතුරුවලට ලක් වන්නන් සඳහා ප්‍රතිකාර ලබා දීමට පමණක් අඩුම තරමින් රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවත් ඒම අංශ විසින් පෙන්වා දී ඇති අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වත්මන් රජය විසින් සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා මාර්ග අනතුරු වළක්වාලීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. දැනට සිදුවන මාර්ග අනතුරු අනුව දිනකට පුද්ගලයින් හය දෙනෙක් පමණ මරණයට පත් වන බව වාර්තා වේ. ඒමෙන්ම මාර්ග අනතුරුවලට ලක් වන ඒක් අයෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා රජය විසින් රුපියල් දහසක සිට ඇතැම් විට රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැය කරන බව සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර තිබේ.
 

More News..