සජිත්ට විපක්ෂ නායක ධුරය ලබාදෙන්න – අකිලගෙන් කථානායකට ලිපියක්

සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් අද (05)කථානායක කරූ ජයසුරිය වෙත ලිපියකින් දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (05) පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත තීරණයකට අනුව සජිත් ප්‍රේමදාස වෙත විපක්ෂනායක ධුරය පිරිනැමීමට එකඟතාවය පළ බවට ලේකම්වරයා කථානායකවරයා වෙත[…]

Read More »

මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් සතුව තිබී ජංගම දුරකථන ලැප්ටොප් අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංගන කරමින් මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් විදේශිකයන් රඳවා ඇති කොළඹ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අද (05) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. එම සෝදිසි මෙහෙයුමේදී නීතී විරෝධි ලෙස ළඟ තබාගෙන තිබූ ජංගම දුරකතන 75 ක් ලැප්ටොප් පරිගණක 5 ක් මුදල් රුපියල් එක් ලක්ෂ පනස්හය දහසක්[…]

Read More »

නීතිපති උපදෙස් නොලැබීම නිසා මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල මැයි 31ක යළි කැදවයි

2014 වසරේ කොළඹ පිහිටි රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී තර්ජනය කළේ යැයි සැකකෙරෙන හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති හෙයින් එය මැයි මස 31 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනි පෙරේරා මහත්මිය විසින්[…]

Read More »

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළට

විදේශ රැකියා සදහා විදෙස්ගතවන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළ දමා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශය සදහන් කළේ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 16 416 ක් දක්වා පහළ දමා ඇති බවයි. මීට පෙර අය කළ ගාස්තු මුදල රුපියල් 17 837ක් වේ. ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව මීට[…]

Read More »

රනිල් – සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි

විපක්ෂනායකධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර නම් කර ඇත. ඒ සිරිකොත පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදිය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබද පසුව තීරණය කරන බවට මෙහිදි එකග වී ඇත.

Read More »

සිරිකොතේ විශේෂ සාකච්ඡාවක් – සජිත්ගේ පිල සිරිකොත වටලයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද සිරිකොතේදී පැවැත්වෙයි. එය අද පස්වරු තුනට මෙම පැවැත්වීමට නියමිතව ඇත. අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී නායකත්වය හා විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට එම වේලාවේදී විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.[…]

Read More »

රන්ජන් අද සාමාන්‍ය පෙළ විභාගය ලියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දී පෙනී සිට ඇත. තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන (C) සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි[…]

Read More »

මත්පැන්වලටත් මිල සූත්‍රයක්

මත්පැන් සඳහා ලබන වසරේ සිට මිල සූත්‍රයක් හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ සඳහා සුරාබදු පනත සංශෝධනය කිරීමට නියමිතය. ලෝක වෙළෙඳපොළේ මත්පැන් මිල සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩු වූ අවස්ථාවලදී දේශීය වෙළෙඳපොළේ මත්පැන් මිල ගණන් අඩු නොවන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රය හඳුන්වා දෙන[…]

Read More »

වලපනේ හා උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇත. එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. එමෙන්ම බණ්ඩාරවෙල සහ දියතලාව අතර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා[…]

Read More »

ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර

දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය. දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරලා, ඩිප්ලෝමා[…]

Read More »

ඥානසාර හිමියන්ට එරෙහිව පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු 02 වැනිදාට කල්යයි

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්[…]

Read More »
1 2 3