බැඳුම්කර වංචාව පිළිබඳ මීළඟ පාර්ලිමේන්තුවාරය ආරම්භයේදී පියවර ගන්නා බව දයාසිරි කියයි

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ දූෂණ වංචා පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමඟ සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය[…]

Read More »

නැගෙනහිර සහ උතුරු මැද නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නැගෙනහිර සහ උතුරු මැද පළාත සදහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ ය.

Read More »

සජිත් බදුල්ලට – හරින් ගම්පහට?

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ දුරට ඔහු බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිරවණයට තරඟ වැදීමට අදහස්[…]

Read More »

කැනඩා නවසීලන්ත බංග්ලාදේශ මහකොමසාරිස්වරු අගමැති මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා, නවසීලන්ත සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරු අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ සදහන් කළේ අද පෙරවරුවේ අරලිය ගහ මන්දියේදි මෙම හමුව සිදුවූ බවයි. එහිදී නවසීලන්ත මහකොමසාරිස් සමග කිරි කර්මාන්තයේ දිගුකාලීන සහයෝගීතාවය සහ සත්ව පාලනය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. කැනඩා[…]

Read More »

අධික වැසි තත්ත්වයත් සමග කොළඹ දැඩි රථවාහන තදබදයක්

මීට පැය කිහිපයක සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසකට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල, පුරහල, බේස්ලයින් මාර්ගය, වෝඩ් පෙදෙස, හෝර්ටන් පෙදෙස, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය ඇතුළු තවත් ප්‍රදේශ රැසක මෙලෙස දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.  

Read More »

පවතින වැසි තත්ත්වය අද සහ හෙට වැඩිවෙයි

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(04) සහ හෙට(05) වැඩි වෙන බවද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා[…]

Read More »

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙසට කළ ඉල්ලීමට සිංගප්පූරුවේ අවධානය යොමුවෙයි

මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා ලංකා රජය විසින් උදර්පණ නීතිය යටතේ යොමුකරන ලද ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව දන්වා ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ[…]

Read More »

ජ’පුරේ සිසුන්ගේ විරෝධතාවයක් නිසා නුගේගොඩ-විජේරාම මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ සිට විජේරාම දක්වා එක් කොටසක මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.  

Read More »

රංජිත් සොයාසාගේ දේහය අද සිංගප්පූරුවෙන් දිවයිනට

අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට ගෙන ඒමට නියමිතව ඇත. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය අතර මියයන විට මන්ත්‍රීවරයා 57 හැවිරිදි වියේ පසු විය. වර්ෂ 1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූ රංජිත් සොයිසා මහතා[…]

Read More »

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19 වනදා

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ කොටස් හා ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම[…]

Read More »

පක්ෂෙන් දුන්නේ නැත්නම් ස්වාධීනව එනවා – රන්ජන්

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් නාමයෝජනා නොලැබුණහොත් තමන් එයට ස්වාධීනව ඉදිරිපත් වන බව, එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවසීය. මහා සංඝරත්නයට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදුකිරීම නිසා රන්ජන් රාමනායකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා හිමි නොවන බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව[…]

Read More »