13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන රන් පදක්කම නිලානි දිනාගනී

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට නිලානි රත්නායක සමත් වූවාය. ඒ මීටර් 1500 ධාවන තරග ඉසව්වෙනි. කාන්තා මීටර් 1500 ධාවන තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 4 යි තත්පර 34 .34 කින් තරගය අවසන් කරමිනි.[…]

Read More »

මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් මහ බැංකු බැදුම්කර වෝහාරික විගණන වාර්තා රහස්‍ය වාර්තාවක්

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තීරණය කර තිබේ. වෝහාරික ගිණුම් පිළීබද වාර්තා 05 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබුණී.මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට[…]

Read More »

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් නිලධාරිනියට දෙසැ. 9 තෙක් විදෙස්ගතවීම තහනම් කෙරේ

කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගත් බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික දමිළ ජාතික කාන්තාවකට දෙසැම්බර් මස 09 වනදා තෙක් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (03) තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන්[…]

Read More »

රනිල් විශ්‍රාම ගැනීමට තීරණය කරයි ?

එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට ආරංචිමාර්ග සඳහන් කරයි. විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවත් ඔහු මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More »

යාපනයෙන් බිම් බෝම්බයක් සොයාගනියි

යාපනය,සෝමසුන්දර ඇවිනිව්,දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ කසළ ගොඩක් ආසන්නයේ තිබි බිම් බෝම්බයක් අද(03) සොයාගත් බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත කසළ ගොඩ ආසන්නයේ තිබි අදාළ බිම් බෝම්බය සොයාගත් බවයි. අදාළ ස්ථානයේ තවත් බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදා පරීක්ෂා කිරීමට නියමිත[…]

Read More »

හදාගත්තු පැල දාලා කොහේ යන්නද – හරීන්

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු එළඹෙන මහා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය අතහැර ගම්පහ දිස්ත්‍රික්කයේන් ඉදිරිපත්වන බවට මේ දිනවල ඇසෙන කාරණයකි. ඒ පිළිබඳව අරුණ කළ විමිසීමකදී ඔහු කියා සිටියේ හදාගත්තු පැල දමා කොහේ යන්නද බවත් දේශපාලන වශයෙන් වෙන අයගේ තිබුණු අදහස් පමණක් බවත් මේවා ජනතාව කියන කතා ඉතින් ඒ නිසා මේ[…]

Read More »

නීතිපතිගේ කරුණු දැක්වීම තෙක් හිරුණිකාට එරෙහි නඩුව කල්යයි

කොළඹ ,දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව වරද පිළි ගැනීමකින් තොරව අවසන් කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීම සඳහා කොළඹ මහාධිකරණ[…]

Read More »

රනිල් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුහ. ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූහ. අනතුරුව අස්ගිරි මහා විහාරයට[…]

Read More »

අද රාත්‍රියේ සිට වැසි වැඩිවෙයි

දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසිතත්ත්වය අද රාත්‍රී කාලයේ සිට (විශේෂයෙන් දෙසැම්බර් මස 04 සහ 05 දිනවල) වැඩිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලසහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ[…]

Read More »

පියංකර ජයරත්න අල්ලස් නඩුවෙන් නිදහස්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය ක‍ළේය. මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය[…]

Read More »

පුජිත් සහ හේමසිරි ලබන 17 තෙක් යළි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල විය. ඒ[…]

Read More »