දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

කෑගල්ල, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ නුවර යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇගවීම බල පැවැත්වෙන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කරයි.

Read More »

පණ පිටින් එංගලන්තයට ගිහින් පෙට්ටියෙන් දඹානට ආ ආදි වාසියෝ

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ ඉකුත් 27දා එරට විද්වතුන් පිරිසක් ඇමතුවේය. ‘‘මේ ඇත්තන්ගෙ පරම්පරා පොජ්ජෙ ඉඳ තිබාපු මේ කාල මැච්චට කෝන පොජ්ජ දෙසිය පනහකටම, තුන්සීයමකට ඉච්චරින් ජීවත් පොජ්ජ මන්දො කරපු මිනිග්ගජ්ජු හතමකගෙ. ඉච්ගෙජ්ජවල් හතමකුත්, සම්පූර්ණ තැනේ මිනිග්ගජ්ජු දෙකමකගෙ ඇටසැකිලි පොජ්ජ දෙකමකුත් එඩිම්බරෝ කෞතුකාගාර රුකුල් පොජ්ජෙන් ඇන්න මංගැච්චුවා. ඒ[…]

Read More »

පකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට

පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. හෙට දිනයේදී පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.

Read More »

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත්

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් යාපනය, මුලතිව්, කිලිනොච්චි,[…]

Read More »

සජිත් රනිල් සමග කතාබහ නවත්වයි

පසුගිය සතිය පුරාම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙතින් දිගින් දිගටම ‘සුපුවත්’ ලැබෙමින් තිබිය දී, විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙසින් ලැබුණේ ‘නරක ආරංචි’ ම ය. ‘විපක්ෂ නායක කම’ ලබාගැනීම සඳහා අලුත් වටයකින් ඇරඹී තිබෙන රනිල්-සජිත් ගැටුම තවදුරටත් එලෙසම පැවතිය දී, එය නිරාකරණය කිරීම වෙනුවෙන් ම කැඳවනු ලැබූ සාකච්ඡා වට[…]

Read More »

දොස්තර කෙනෙක් වෙන්න ගිහින් බොක්ස් ඔෆිස් නළුවා වෙයි

තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙක්. ඒ වගේම බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජනප්‍රිය නළුවෙක්. තිස්ස විජේසුරේන්ද්‍රගේ මනබඳිනා රංගනයන් නම් තවමත් ප්‍රේක්ෂකයාට මතකයේ ඇති බව නම් නොරහසක්. ඔහු සිනමාවේ තැබූ මුල්ම පියවර ගැන පිනිපලසට කිව්වේ මෙහෙම.[…]

Read More »

​කොළඹ කුණු සුදු වෑන් වලින් උස්සයි

නුගේගොඩ ජීවත් වන පුද්ගලයකු ගිය සතියේ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබුණි. ඊට හේතු වූයේ ප්‍ර‍දේශවාසීන් පොලිසියට කළ පැමිණිල්ලකි. ඔහුට එරෙහි චෝදනාව වූයේ තම සුනඛයා මහ පා​රේ හා අසල්වැසි නිවසක මල් පාත්තියකට මලමූත්‍රා කිරීමට සැලැස්වීමය. සිය සුනඛයා ප්‍රසිද්ධ ස්ථානවලට රැගෙන ගොස් මල මූත්‍රා කිරීමට සැලැස්වීම නතර කරන ලෙස ඔහුට කීවත් එය[…]

Read More »

වයිමාටත් කරන්න බැරි වූ දේ ගෝඨාභය කරයිද?

රජයේ නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී, ජනාධිපතිවරයා රටට ඉතා හිතකර තීන්දුවක් ගෙන තිබේ. රටේ දුප්පත්කම දුරලීමේ වගකීම පමණක් ඉටු කිරීමට, කෙනකු පත් කිරීමය. ඒ හා සමග දුම්රිය සේවය, සේවක හා යාන්ත්‍රික අනතුරුවලින් මුදා ගැනීමට පමණක්, රාජ්‍ය ඇමැතිවරයකු පත් කර තිබේ. රාජ්‍ය ගිණුම් කළමනාකරණය සඳහා පමණක් ද, කෙනෙකු පත් කර තිබේ.[…]

Read More »

පස් කන්දක් කඩාවැටීමෙන් බදුල්ල – පස්සර මාර්ගය අවහිර වෙයි

බදුල්ල – පස්සර මාර්ගය පස් හා ගල්කඩා වැටීමෙන් අවහිර වී ඇත. මේ වනවිට එක් මං තීරුවක් ගමනා ගමනයට විවෘත කර ඇති බව බදුල්ල පොලිසිය සඳහන් කරයි. බැකෝ යොදවා එම ස්ථානයේ අවහිරතා ඉවත් කිරීම මේ වනවිටත් සිදුවන අතර එම යන්ත්‍ර එම ස්ථානයේ පැය 24 පුරා රදවා තැබීමට තීරණය කර ඇත.

Read More »

සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට අයහපත් කාලගුණය නිසා අවට මධ්‍යස්ථානවල විභාගය ලිවීමට අවස්ථාව

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍ය නම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

Read More »

පොළොන්නරුවට ඉල්ලන්නේ මෛත්‍රී ද, චතුරිකා ද, නැත්නම් දහම් ද?

ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන්නට නියමිතව තිබෙන මීළඟ මහ මැතිවරණය වෙනුවෙන් තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවත්, තමන්ට නොහැකි වුවහොත් චතුරිකා හෝ දහම් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට පවසා තිබේ. මේ අතර ම ළඟ මහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබෙන ආරංචි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය[…]

Read More »