ෆේස්බුක් ප්‍රතිඵල වලට රැවටෙන්න එපා

සමාජජාල වෙබ් අඩවි වල හුවමාරුවන ඡන්ද ප්‍රතිඵල සැබෑ ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 9.40ට පමණ බොහෝ ප්‍රදේශවල ආරම්භ කළ අතර, අද මධ්‍යම රාත්‍රීය වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ඒම කොමිසම පවසයි. එබැවින් සමාජජාල මාධ්‍යවල ප්‍රතිඵල වලට[…]

Read More »

දිස්ත්‍රික්ක තුනක ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි

අධික වර්ෂාව නිසා ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඇරඹුනේ අද (16) රාත්‍රී 10ට පමණ බව එම කොමිසම සදහන් කරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද[…]

Read More »

සෙරන්ඩිබ් තිරිගු පිටි මිල වැඩිකරයි

අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කර ඇත. ප්‍රිමා සමාගම ඊයේ (15) රාත්‍රීයේ තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8.50කින් වැඩි කර යළි එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී. සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි මිල වැඩි කළත්, පාන් ගෙඩියක[…]

Read More »

ජනාධිපතිවරණය දා පැෆරල් සංවිධානයට පැමිණිලි 158ක්

ජනාධිපතිවරණය පැවැති අද (16) පැමිණිලි 158ක් ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි. බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාළ නීති උල්ලංගණය කිරීම් 4ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා නොවන සිද්ධීන් වලට අදාළ සිද්ධීන් 58ක් ද මේ අතර වන බව එම සංවිධානය පවසයි. මෙම පැමිණිලි අතර හොර ඡන්ද දැමීම සහ එයට උත්සාහ කිරීම සම්බන්ධ සිද්ධීන් 4ක්[…]

Read More »

ජනපතිවරණයෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ගෙදර යයි

ජනාධිපතිවරණයේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව බලයට පත්වන නව ජනාධිපතිවරයාට සිය අස්වීමේ ලිපිය යවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීීවේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ සැණින් අස්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, ජනාධිපතිවරණයට අදාළ ලේඛන සහ ගෙවීම් කටයුතු අවසන්වීමෙන්[…]

Read More »

අගමැති මැතිවරණ කොමිසමට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසියේම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි තිබේ. එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ අනෙකුත් නිලධාරීන් සමග ද සුහද කතාබහක නිරත විය. එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග කියා සිටියේ පළමු වතාවට ඡන්දයක් නැහැ වගේ ඡන්දයක් පැවැති බවත්, ඒ පිළිබදව සිය ස්තූතිය[…]

Read More »

තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ

7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. අද මධ්‍යම රාත්‍රියේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.[…]

Read More »

ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ 8දෙනෙකු අත්අඩංගුවට

ජනාධිපතිවරණයේ ඡන්දය සළකුනු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More »

එජාපයේ හා පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමකින් 03ක් රෝහලේ

අද (16) ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටුවේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත. එම ගැටුමෙන් පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් තුවාල ලබා ඇත. ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත අතර බහින්බස්[…]

Read More »

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය. අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වුනු අතර මෙවර ජනපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද[…]

Read More »
1 2 3