ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථීර බවත් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භූක්ති විඳින ලෙසට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණ ව්‍යාපාරයේ ආදර්ශවයත් ලෙස සහ ගෞරවනීය ලෙස පවත්වාගෙන ආ බව අද පෙරවරුවේ තිස්සමහරාම ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ගෝඨාභය මහතා මේ බව සදහන් කළේය. එහිදී[…]

Read More »

රතන හිමිගෙන් නිවේදනයක්

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. එම ලිපි ශීර්ෂය දැනට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් රතන හිමියෝ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Read More »

අද පස්වරුවේත් වැසි

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50-75පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි[…]

Read More »

ජනාධිපතිධුර අපේක්ෂකයින් සහභාගීවන අවසන් ජන රැළි අද

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වැනිදා පෙරවුරු 07.00ට ආරම්භවීමට නියමිතව ඇත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටුයුතු සිදුකිරීමට අපේක්ෂකයින්ට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිදු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු සිදු කිරිම තහනම් බව[…]

Read More »

MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31කට කල්යයි

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වන MCC වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. අද මෙම පෙත්සම්[…]

Read More »

20 – 20 පන්දු යැවීමේ මුල් 50ට ලංකාවෙන්ම එකයි

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණියේ නවතම වර්ගීකරණයට අනුව මුල් ස්ථාන 50 අතරට පැමිණි එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත්ව තිබේ. ඒ අනුව මාලිංග එම ශ්‍රේණියේ 22 වැනි ස්ථානයේ පසුවේ. මාලිංගට පසුව එම ලැයිස්තුවේ සිටින අනෙක් ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන ඉසුරු උදාන එහි 56 වැනි ස්ථානයේ[…]

Read More »

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3729යි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 3729 ක් ලැබී ඇත. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3596 ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 27 ක්ද අයත් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය. අද මධ්‍යම රාත්‍රී 12 න් ජනාධිපතිවරණයට අදාලව සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු අවසන් වීමට නියමිතව ඇත.

Read More »

නොවැ. 18 වැනිදා පස්වරු 2.16ට ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙනවා – මහින්ද අමරවීර

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා පස්වරු 2.16ට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. තංගල්ල ප්‍රදේශයේ පැවැති රැළියක් අමතමින් ඔහු පැවසුවේ නොවැම්බර් මස 16 වන දින ඡන්දය[…]

Read More »

කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද දිනයේ දී ද යළිත් වරක් ඉහළ ගොස් තිබේ. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවියේ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයට අනුව අද (13) පෙරවරු 9.00 වන විට කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 149ක් ගත් බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ කොළඹ[…]

Read More »

අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට පෝස්ටර් ප්‍රදර්ශනය කරන රියදුරන්ට නීතිමය පියවර

ජනාධිපති ධුර අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. පොස්ටර් හා කොඩි ඉවත් නොකරන වාහන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.

Read More »