රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා 22 වනදා දක්වා යළි රිමාන්ඩ්

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 22 වන දා දක්වා යළිරක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එලෙස බන්ධනාගාරගත කෙරුණේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුය. පසුගිය[…]

Read More »

ෆොන්සේකාගේ කතාවට වැලිමඩදී ජනතාවගෙන් විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවි ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදීය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කකා වැලිකඩ සිරගෙදර බවට එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇති අතර ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන්[…]

Read More »

වසන්ත සේනානායක ගෝඨාගේ මනම්පිටිය ජන රැලියට එක්වෙයි

විදේශ කටුයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මනම්පිටිය ජන රැලියට සහභාගී වෙයි. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බව ඒ මහතා ඊයේ (7) ප්‍රකාශ කළේය.

Read More »

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් හෙට (09) උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල් බුල් චණ්ඩ සුළි කුණාටුව[…]

Read More »

පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 131යි

ඊයේ පස්වරු 04 න් අවසන් වූ පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 131 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අතරට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 128 ක් සහ වෙනත් පැමිණිලි 03 ක් ද අයත් වන අතර ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමෙන් පසු මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි[…]

Read More »

ඥාණසාර හිමි ඇතුළු තිදෙනෙකුගේ පෙත්සමක් සලකා බැලීම පෙබරවාරි මස 17 වනදා

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත. භියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක්[…]

Read More »

සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉහළට

සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතු හා වෛරී ප්‍රකාශ නිකුත් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි. එවැනි පැමිණිලි 100 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇති බවත් එම කටයුතු නිරීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ද පිහිටුවා ඇති බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික[…]

Read More »

මංගලගේ දර්ශන ගැන පැමිණිලි විභාගයට ගිය මැතිවරණ නිලධාරීන් රූපවාහිනි අඩස්සියට

පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී අඩස්සියට ගැනීම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (07 වැනිදා) රාත්‍රි එම ස්ථානයටම ගොස් දැඩි විරෝධය පළ කර ඇත. ජාතික රූපවාහිනි සංස්ථාවේ කැමරාකරුවන් දෙදෙනකු ඇමැති මංගල සමරවීරගේ නිල නිවසට ගොස් ලබාගත් දර්ශන පෙළක් පිළිබඳව ලැබුණු[…]

Read More »

ඡන්ද දායකයින් ලක්ෂ 3කට තාවකාලික හැඳුනුම්පත්

ලබන 10 වැනිදාට පෙර ඡන්ද දායකයින් ලක්ෂ 3කට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ පුද්ගලයින්ට එලෙස ඡන්දය භාවිත කිරීමට පමණක් හැකියාව ලැබෙන පරිදි මෙම තාවකාලික හැදුනුම්පත නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය. මෙම හැඳුනුම්පතෙහි ජාතික[…]

Read More »

මැ.කො. සභාපති ධුරයෙන් ඉවත් වෙන්න යයි

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වසරේ නොවැම්බර් 14 වන දින දක්වා කටයුතු කළ[…]

Read More »

සජිත්ගේ විශේෂ ප්‍රකාශයට හේතුව බුද්ධි වාර්තාවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (07 වැනිදා) සිදු කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි. නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ ජයගන්නා[…]

Read More »