බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ

බලංගොඩ පොලිස් වසමේ බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාදා. අද(05) බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ සීලගම ප්‍රදේශයේදී(කිලෝ මීටර් 155 කණුව) මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර මේ වන විට මෙම මාර්ගය යථා තත්ත්වයට පත්කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

Read More »

තණමල්විලදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් 30ක් රෝහලේ

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස් දෙනෙකු තුවාල ලබා ඇත. මෙම අනතුර අද(05) පස්වරුවේ සිදුව ඇති අතර මාතර සිට මොනරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර්[…]

Read More »

සර්පයෙක් දුටු ගමන් මරන්නෙ ඇයි

ලංකාවේ සර්ප දෂ්ටන අතර වැඩිපුරම වාර්තා වෙන්නේ කුණකටුවා දෂ්ට කළ අවස්ථා ගැනයි. ඒත් තවම කුණකටු විෂට ප්‍රතිඵල එන්නතක් සොයාගෙන නැහැ. වසරකට ලංකාවේ 80,000ක් පමණ සර්ප දෂ්ටන සිදුවෙනවා. නිසි ප්‍රතිකාර නැතිකමින් හාරසිය දෙනෙක් පමණ මියයනවා. සර්පයන් යනු උරග ලෝකයේ වැඩිම අවධානයකට ලක්වන ජීවීන් කොටසකි. 2012 ජාතික රතු දත්ත පොත දක්වන පරිදි[…]

Read More »

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාල 2192 සඳහා එලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75% කින් අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලබන 9 වැනිදා දක්වා නිවෙස් වෙත නිල[…]

Read More »

නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව මීට සුළු මොහොතකට පෙර කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී ඇත.

Read More »

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) උඩප්පු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, වයඹ නාවික විධානය විසින් පුත්තලම, උඩප්පු[…]

Read More »

බැසිල්ගේ නඩුව කල් යයි

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් වැය කර ජී .අයි. පයිප්ප බට මිලදීගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන[…]

Read More »

සති අන්ත දීර්ඝ නිවාඩුවට දුම්රිය 04 ක් ධාවනයට එක්කරයි

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුවට විශේෂ දුම්රිය 04 ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට හැකි[…]

Read More »

එජාප මන්ත්‍රී ශාන්ත සිසිර 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා අද (05) හලාවත මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හලාවත මහාධිකරණයේ විභාගවන නඩුවක තෙවන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර කුමාර මහතා පත්ව ඇත. ඒ 2004 වසරේ හලාවත දී නීතිවිරෝධි රැස්වීමක සමාජිකයෙකු[…]

Read More »

වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදෙයි – පස් දෙනෙකුට තුවාල

වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාලයේ සේවය කළ විදුලි අධිකාරිවරයෙකු ඇතුළු විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට කිසියම් පිරිසක් ඊයේ(04) සවස පහරදීම හේතුවෙන් විදුලි අධිකාරිවරයා ඇතුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව විදුලිබල මණ්ඩල කාර්යාලයේ නිළධාරීන් පවසයි. වවුනියාව,ආච්චිපුරම්,10 වන පටුමඟ ප්‍රදේශයේ නිවසක විදුලිබිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම වෙනුවෙන්[…]

Read More »

දේශපාලන රැලියකට සහභාගි වූ පිරිසකට පහරදීමක් – සිව්දෙනෙකුට තුවාල

ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා පිරිසක් රැගත් බස් රථයක් ගමන් කරමින් සිටියදි නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේදී නතර කර 20ක පමණ පිරිසක් එහි සිටි මගීන්ට පහර දී ඇති බවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව[…]

Read More »