ආනයනික මාළු සහ වියළි මිරිස් බද්ධ අඩු කෙරේ

ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 5 දක්වාත්, රුපියල් 100 ක්ව පවතින ආනයනික මාලූ කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 දක්වාත්, අඩු කෙරේ.

Read More »

සිංහයන්ගේ වේග පන්දු පුහුණුකරු ලෙස බ්‍රෙට් ලී පත්කිරීමේ සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ බ්‍රෙට් ලී පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු සහ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරයි. ලෝක ක්‍රිකට් පිටියේ[…]

Read More »

බිරිඳට පිහියෙන් ඇනීමට තැත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) හලාවත පොලිසියට බාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මුගුණුවටවන මහගම ප්‍රදේශයේ පදිංචි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වන[…]

Read More »

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1134යි

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දුන් දිනයේ සිට ඊයේ (20දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 443ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවෙත පැමිණිලි 691ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More »

මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගත් රථය අධිවේගී මාර්ගයේදී පෙරලෙයි

ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇත. එම අනතුරට ලක්වූ රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගෙන ඇති බවට වාර්තා වෙයි. දියණිය සමග මෝටර් රථයේ ගමන්ගත් සේවිකාවක තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම අනතුර සිදුව ඇත්තේ ජීප් රථයක්[…]

Read More »

ආතතිය මට්ටු කරන්න ගිනිපිග්ලට පුළුවන්ලු

සතුන්ට මගේ අකැමැත්තක් නැත. නමුත් උන්ට කන්න දීම, නෑවීම, උන්ගේ කැත කුණු අස් කිරීම ෆුල්ටයිම් ජොබ් එකකි. ඒ නිසා අපේ ගෙදර සත්තු ඇති කිරීමට මම විරුද්ධය. ඒවා මහා කරදර වැඩ බව කීවාට ගෙදර අනික් හතර දෙනාම සත්තුන්ට පිස්සු වැටී ඇත. “මේ ඇහුණද අනේ.. දූයි පුතයි ඉස්කෝලෙ වැඩත් හොඳට කරනවා.  […]

Read More »

ඥානසාර හිමියන් ඇතුළු තුනකට නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුනකට නොතීසි නිකුත් කර ඇත. අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නොතිසි නිකුත් කර ඇත්තේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී[…]

Read More »

ජනපති මෛත්‍රිගේ අවසන් සති හතර

ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීමට තවත් සති හතරක පමණ කාලයක් ඉතිරිව තිබේ. එමෙන් ම එම සති හතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයෙහි රැඳී සිටින අවසන් සති හතර ද වේ. එහෙයින්, ගතවෙමින් පවතින්නේ ‘තත්ත්වයන්හි’ වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින තීරණාත්මක ම කාල වකවානුවකි. එහෙයින් ගත වූ[…]

Read More »

අගමැතිගේ කතාවට මාතලේදී හූ කියති

මාතලේ නව ලග්ගලදී පෙරේදා (19 වැනිදා) පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීම ගැන විරෝධය පාමින් එක්සත් ජාතික පාක්ෂිකයකු ඉතා කලහකාරී ලෙස හැසිරිනි. මහ බැංකු හොරු මෙම ස්ථානයට නොකැඳවන්නයි කියමින් ඔහු ඉතා කලහකාරී ලෙස හැසුරුණු අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ[…]

Read More »

නීතිවිරෝධී දිවයිනට පැමිණි පුද්ගලයින් 05ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වෙමින් සිටියදී තලෙයිමන්නාරම පියර් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තලෙයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් මීට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ පුද්ගලයින් බවට මූලික විමර්ශනවලදී[…]

Read More »