ගැමුණු විජේරත්නගේ සහායත් ගෝඨාභය රාජපක්ෂට

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තීරණය කර තිබේ. අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය මහතා හමුවී සිය සහාය ලබාදීම පිළිබද ගැමුණු වි‌ජේරත්න මහතා පවසා තිබේ.

Read More »

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් හා සලකුණු

නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 සහ ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබදව අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයාට ලැබෙන ජන්ද පත්‍රිකාව අගල් 24කින් යුක්ත වේ. මෙවර[…]

Read More »

කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට රාත්‍රී 9.00 සිට පැය 18ක කාලයක් කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළ අතර මහ කොළඹ[…]

Read More »

නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා දිවයිනට

නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලෝක් මහතා අද දිවයිනට පැමිණ තිබේ. ස්ටෙෆ් බ්ලොක් මහතා දින දෙකක් මෙරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔහුගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Read More »

TNA සහයත් සජිත්ට – අකිල

දෙමල ජාතික සන්ධානයේ සහාය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. උතුර නැගෙනහිර ජනතාව රාජපක්‍ෂලාට ඡන්දය නොදෙන බවත් තම අපේක්‍ෂකයාට ඡන්දය දෙන බවත් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Read More »

ජේ ශ්‍රී රංගාට ඇප

වවුුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ සැකකරුවෙකුට එම අපරාධය වසන් කොට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ලබාදුන් නියෝගයක් මත අද (18) ජේ ශ්‍රී[…]

Read More »

අද මහ වැසි

බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අද (18 වැනිදා) මි. මී. සියයක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත්වල බොහෝ ප්‍රදේශවලට සහ අනුරාධපුර, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද යන පළාත්වල බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාලිය කුමාර ගුණසේකර

Read More »
දුම්වැටි

සිගරට් සඳහා වන බදු අඩු කෙරේ – පාඩුව රුපියල් බිලියන 1.4

සිගරට් සඳහා වන බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14දා නිකුත් කර ඇති අතර මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර ඇත. එම හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන[…]

Read More »

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප‍්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන අතෆ්ර ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය.

Read More »

නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

දිවුලපිටිය , උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ හෙරොයින් ජාවාරම සිදුකරන බවට දිවුලපිටිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර[…]

Read More »

සමුගැනීම ගැන ලසිත් නැවත කතා කරයි

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන්ට ඉදිරි දැක්මක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. ඔස්ට්‍රේලියානු පන්දුවාර විස්ස ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය. එහිදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයක් නගමින් මෙලෙස අසා සිටියේය. පාකිස්ථාන තරග සංචාරය ශ්‍රී[…]

Read More »