පාසල් ළමුන් ප්‍රවාහනය කල බස් රථයක් පෙරළෙයි – ළමුන් 18ක් වැඩිහිටියන් 10ක් රෝහලේ

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි[…]

Read More »

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන ලෙස ලංකාව කළ ඉල්ලිම සලකා බලන බව සිංගප්පුරුව දන්වයි

බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. අර්ජුන මහේන්ද්‍රන් නමැත්තා මෙරටට පිටුවහල් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන ලැබී ඇති බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී,[…]

Read More »

නිදහස් පක්ෂය ගනු ලබන තීරණය හෙට ප්‍රකාශ කරනවා

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය හෙට(09) දිනයේ ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍ස්නාධාන් කරයි. පක්ෂයේ පැවති සාකච්ඡාවන්හිදි පක්සයේ අවසන් තීරණය ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇත.

Read More »

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, අම්පාර සහ[…]

Read More »

මානසික රෝහලේ සිට ගෙදර යන්න කුරුලු පිහාටු සොයන්නියෝ

කොළඹ අහසට හිරු මුදුන් වුවත් වැහි දෙවියන්ගේ වලාකුළුවලින් නම් හිරුට ගැළවීමක් නොවීය. පසුගිය සතිය පුරාම පැවැති වැහිබර කාලගුණය එදත් අපේ ගමන ප්‍රමාද කරන්නට හේතුවිය. කෙසේ හෝ කාලය හා කාලගුණය සමග පොර බැද අපේ ගමනාන්තය වන අංගොඩට ළඟාවීමු. අංගොඩ යැයි කියූ පමණින්ම අප යන්නේ අංගොඩ පිහිටි මානසික රෝහලට යැයි ඔබට සිතෙන්නට[…]

Read More »

තොන්ඩමන්ගේ සහයත් සජිත්ට ලැබෙයි – මනුෂ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර තොණ්ඩමන් මහතා සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඒවා ධනාත්මක වී ඇති බවත්[…]

Read More »

පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ ලබන 22 දක්වා යළි රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංනා ද සිල්වා මහත්මිය හමුවට එම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 2018 වසරේදී කොළඹදී දිනේෂ් එරංග හෙවත් කලුබෝලේ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකකරුට චෝදනා එල්ලවී[…]

Read More »

ඇල්පිටිය ප්‍රා.ස මැතිවරණ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියලුම කටයුතු මේ වන විට සුදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා සඳහන් කළේය. ඇල්පිටිය සහ පිටිගල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම[…]

Read More »

ශිෂ්‍යත්වයට වාඩි වෙමුද ?

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙරේදා නිකුත් විය. එහෙත් ඒ ප්‍රතිඵල ආවේ ලකුණුවලින් පමණය. එයින් අනාගත පරපුරක පැවැත්මට අදාළ ප්‍රතිඵල එන්නේ තවත් බොහෝ කල් ගත වීමෙනි. ශිෂ්‍යත්ව විභාගය බහුවරණ ප්‍රශ්න තිහකින්ද ගණිත, ඉංග්‍රීසි, දෙමළ රචනා ප්‍රශ්න 23 කින්ද යුතුය. එහෙත් එම විභාගය ප්‍රශ්න දහසයකින් යුතු මහා ප්‍රශ්න පත්‍රයක් සමාජය හමුවට ගෙනැවිත් තිබේ.[…]

Read More »

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත. පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. එම අංගනය මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට පිහිටා ඇත.

Read More »