කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ හා කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම්

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කර ඇත. හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය පළවීමෙන් එය පිළිබඳ පරීක්ෂණ[…]

Read More »

නඩුවට ගෝඨාගේ පැත්තෙන් නීතිඥවරු 300 ක්

ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් පැවරූ නඩුව මුල්වරට විභාගයට ගැනීම සිදුවූයේ පසුගිය බදාදාය. ‍ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා, ගාමිණී මාරපන, පාලිත කුමාරසිංහ, කුෂාන් ද අල්විස්, අලි සබ්රි ඇතුළු නීතිඥයන් 300ක් පමණ මෙම පෙත්සම සඳහා ඉදිරිපත් ව සිටි අතර එබැවින් එය සැලසුම් කර තිබූ පරිදි අභියාචනාධිකරණයේ 301කාමරයේ දී විභාගයට[…]

Read More »

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාට්ටු

යාපනය මාදගල් සහ කෝවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු යාත්‍රාවක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් එය පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. අදාළ කේරළ ගංජා තොගය සහිත යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය[…]

Read More »

රේඛාවෙන් ඉරණම් රේඛාව ලියාගත් අයිරාංගනී සේරසිංහ

ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය කියන්නේ දේශීය සිනමාවේ අතිදක්ෂ අද්විතීය සම්මානිත රංගධාරිනියක්, ඒ වගේම අපේ කලාවට අපේ රටට ඉන්න අගනා සම්පතක්. මනුස්සකමින් පිරිපුන් ඇය සැමටම සිත්ගන්නා සුළු චරිතයක්. තවමත් පොත පත පරිශීලනය කරමින් ගතකරන මේ ජීවිතය තරුණ පරම්පරාවට ගෙන එන්නේ අපූරූ ආදර්ශයක්. මේ ඇයගේ සිනමා ගමනේ ප්‍රවේශය. මට දැන්[…]

Read More »

රුවන්වැලි සෑ බිමේ තවුසෝ

පුරා වසර විස්සකටත් වැඩි කාලයක් පෙරවරුවේ සහ පස්වරුවේ හෝරා කීපයක් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවට වී අව්, වැසි, සුළං ආදී කිසිදු බාධකයක් නොතකා හිටි ඉරියව්වෙන් රුවන්වැලි සෑ දාගැබ දෙස සමාධිගතව බලා සිටි ඉංගිරියේ විජිත හිමියන් ගැන බොහෝ දෙනකු දැන සිටියහ. ඒ විජිත හිමියන් අද වන විට අප අතර නැත. එහෙත් තම[…]

Read More »

ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය පියවර

ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. ලොකු ළූණු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් හෝ ඊට අඩු මිලක සටහන් විය යුතු බවත් රුපියල් 40 ක්ව පැවති ලොකු ළූණු ආනයන බද්ද රුපියල් 39 ක් දක්වා පහත දමා ඇත්තේ එහි[…]

Read More »

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හිස්බුල්ලා හා ශිවාජිලිංගම් ඇප මුදල් තැන්පත් කරයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අද (06) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර ඇති[…]

Read More »

හිතේ දුකට බුලත්විටක් හපමු මස්සිනා

සතිපොළේ ගමේ කඩපිලේ මෙන්ම නගරයේ වෙළෙඳසල් දක්වාම බුලත් පුවක් වෙළෙඳාම යහමින් සිදුවන්නකි. ගම්බැද්දේ සිට බුලත් පුවක් මෙන්ම දුම්කොළ වගාකොට දිවි සරුකර ගන්නා පිරිස් අප රටේ අඩු නැත. ගමේ කඩමණ්ඩිවලත්, විසල් ව්‍යාපාර ඇති නගර මධ්‍යයේත් මහමග බුලත්විට වෙළෙඳාමේ නියැළෙන්නන්ද බොහෝය. හෙළ සිරිතට විරිතට අනුව ගත්තද බත  බුලත අපට සමීපය. ඇතැමෙකුට බතේ[…]

Read More »

නිදහස් පක්ෂයේ අවසන් තීරණය දැනුම්දීම කල් යයි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කල් දමා ඇත. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරූ බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More »

ඇප මුදල් තැන්පත් කිරීම අවසන් – 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි

2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය. ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය. ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඇප මුදල් තැන්පත් කළ අවස්ථාව මෙය වන[…]

Read More »