ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනු කළ මෙම පෙත්සම දින තුනක් විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත[…]

Read More »

චමල් රාජපක්ෂ ජනපති සටනට – ඇප මුදල් තැන්පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (04) පස්වරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.

Read More »

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළට

ලිට්රෝ ගෘහස්ථ (12.5Kg) ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 240කින් අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492ක් වේ.

Read More »

ජනපතිවරණයට නාම යෝජනා භාරදෙන දින ආරක්ෂාවට පොලීසියෙන් 1700ක්

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන ලබන සදුදා (07) දිනයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු යොදා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සදහා පොලිස් නිලධාරීන් 1200ක්, රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක් යෙදවීමට නියමිත බවයි. ඊ‌ට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂාව වෙනුවෙන්[…]

Read More »

දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලු නිවාඩු අවලංගු කරමින් සියලුම දුම්රිය සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ඊයේ (03) රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මේ අතර දුම්රිය වර්ජනය සිදුවුවද අද[…]

Read More »

චමල් සහ වෙල්ගම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගනී

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට සහතික කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගෙන ඇත. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායාක ද මෙවැනි සහතිකයක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලබාගෙන ඇත. චමල් රාජපක්ෂ සිය[…]

Read More »

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීද[…]

Read More »

එ.ජා.පෙ ජනපති අපේක්ෂක සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04) සිදුකර ඇත. අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.

Read More »

ජනපතිවරණයේ ගැසට්ටුව බලරහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ‌ මෙම පෙත්සම අද අද(04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු[…]

Read More »

ඩාලි පාර හා ඉබ්බන්වල හන්දියේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් ඩාලි පාර හා ඉබ්බන්වල මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More »