ගුරු – විදුහල්පති සංගම් වර්ජනය අත්හිටුවයි

ගුරු සහ විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබෙන හෙයින් සේවයට සාධාරණ වැටුප් කාලයක් ලබාදීමටත්[…]

Read More »

ගෝඨාභයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයට එරෙහි පෙත්සම සළකා බැලීම හෙටට කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ[…]

Read More »

වර්ජනයේ නිරිත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සැලකෙයි

වර්ජනයේ නිරිතව සිටින දුම්රිය , නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර ඇත. නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර අද දින වන විට දුම්රිය වර්ජනයට (02) දින හතකි.

Read More »

රට සුරක්ෂිත කිරීමට පොලීසිය ශක්තිමත් කළ යුතුයි

රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය කරන ආකාරයට පොලීසිය ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩා පිටියේ පැවති උත්සවයකට එක්වෙමින්ය. මෙහිදී අදහස් දක්වමින් ගෝඨාභය මහතා කියා සිටියේ විනය ගරුක සමාජයක් සහ සුරක්ෂිත රටකට පොලීසිය ඉතාමත් වැදගත් දෙපාර්තමේන්තුවක්[…]

Read More »

සජිත් බලය ලැබෙනවා නම් පියන් වගේ නෙමේ පඹයෙක් වගේ හරි ඉන්න කෙනෙක්

පසුගියදා පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිරිස කතාබහ කරමින් සිටියේ ගෝඨාභයට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් යන වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. විවිධ නඩු හොය හොයා ආණ්ඩුව උත්සහ දරනුයේ ගෝඨාභය ඉදිරිපත්වීම වළක්වා ගැනීමට බව මන්ත්‍රීවරුන්ගේ අදහස විය. ‘‘ආරංචියක් තියෙනවා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා… ඒකේ අරමුණ වෙලා තියෙන්නේ ගෝඨාභයට[…]

Read More »

විමල්ට එරෙහි නඩුවක් කැදවන්න දින නියම කෙරේ

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ අයථා ලෙස රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු ඇමති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් නොවැම්බර් මස 27 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා[…]

Read More »

වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට අනුමැතිය 

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් සංජය රාජරත්න මහතා මෙම ධූරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම්[…]

Read More »

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට පන්දුවට පහරදෙමින් සිටීයි.

Read More »

වප් පුරඅටවක රජයේ නිවාඩු දිනයක් – ක්‍රියාත්මකවීම ලබන වසරේ සිට

ඔක්තෝම්බර් මස යෙදෙන වප් පුරඅටවක පොහෝ දිනය සෑම වසරකම ජාතික නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අග‍්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර ඇත. ඒ අනූව ලබන වසරේ සිට වප් පුරඅටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්වේ. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ වප් පුරඅටවක පොහෝ දිනයක පිරිනිවන් පා වදාළ බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස[…]

Read More »

ආච්චිගේ මුදල් පසුම්බිය කොල්ල කෑ මුණුපුරා මාට්ටු

ඉඩමක් විකුණා ලබාගත් ලක්ෂ 10 ක මුදලක් කරාපිටිය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ තැන්පත්කර එයින් ටික ටික අරගෙන ඉතිරිව තිබු රු: 190000/= ක් පමන මුදලක් 2019.10.01 වන දින ලබාගෙන නාරාවල ස.ණ.ස.බැංකුවේ තැන්පත් කිරිමට යාමේදි මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් ඇති පුවතක් අක්මිමන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්ථා වේ. කරාපිටිය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ[…]

Read More »

එජාපයේ වාර්ෂික මහා සම්මේලනයට හෙට

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය හෙට (03) පැවැත්වීමට නියමිතව තිබේ. එම සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නිල වශයෙන් අනුමැතිය ලබාදීමට නියමිත බවට පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

Read More »