අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කරන මෙන් ඉල්ලා සිංගප්පූරුවට ලියකියවිලි යවයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන මෙන් දන්වා ඊට අදාළ ලියකියවිලි සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ පිටුවහල් කිරීමේ ඉල්ලීම සිදු කළ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න[…]

Read More »

කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා බැලීමට පැමිණි ඔහුගේ පියා හා සොහොයුරෙකු ඇතුථ 6 දෙනෙකු ඔහුට ලබාදිම සදහා ආහාර බාස්කට් තුල දුරකථන දෙකක් සගවාගෙන රැගෙනවිත් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) දිනට නියමිත සිරකරු දිනයේදී මෙම විශේෂ ඝනයේ සිරකරුවන් හමුවිම සදහා ඔවුන්ගේ ළගම[…]

Read More »

ඉහළ ගිය පාන් රු. 2කින් පහළට

රුපියල් 2කින් ඉහළ දැමූ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පහළ දැමීමට පිටි සමාගම් තීරණය කිරීමත් සමඟ මෙලෙස මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.[…]

Read More »

පා.ම. වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වූ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවෙන් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත්[…]

Read More »

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට සිතාසි

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිිිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද[…]

Read More »

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ කාමරයක ගින්නක්

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ කාමරයක හදිසි ගින්නක් ඇතිව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව කැකිරාව පොලීසිය සදහන් කළේය. මෙම සිදුවීම අද පෙරවරු 11.30ට පමණ සිදුව ඇත. ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

Read More »

ඇපල් MacBook Pro බැටරිය ආරක්ෂිත නැත්නම් ගුවන් ගමන් බැහැ

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය ගිනි ගැනීමේ අවදානමක් ඇති හෙයින් එය ආරක්ෂාකාරී යැයි තහවුරු කරන තෙක් ගුවන් ගමන් සඳහා ගෙන යාමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම මහජනතාවට දන්වා සිටියි. ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ[…]

Read More »

ටෝගෝ ජනාධිපතිවරයා ජනපති මෛත්‍රී හමුවෙයි

දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටෝගෝ ජනාධිපතිවරයා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ඒ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය. මෙහිදී ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන[…]

Read More »

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙයි. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගවාලියේ මෙවර ජයග්‍රහණය අවසන් තරගයට පෙරම තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් විය.

Read More »

නාමල් – ලිමිනි යුග දිවියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය සමඟ අද (12) විවාහ දිවියට පිවිසෙයි. සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟ ඔහු විවාහ වන අතර අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වෙමින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතව[…]

Read More »

යාපනයේ වාහන‍ දෙකක් ගිනි ගෙන විනාශ වෙයි

යාපනය,පේදුරුතුඩුව ප්‍රදේ‍ශයේ මාර්ගයක් අසළ නවතා තිබු වාහන දෙකක් ඊයේ(11) සවස ගිනිගෙන විනාශ වි ඇති බවපේදුරුතුඩුව ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවසුවේ මාර්ගය අසළ නවතා තිබු වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එලෙස හදිසියේ ගිනගෙන විනාශ වි ඇති බවයි. විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර, ගින්නට හසුවීමෙන්[…]

Read More »