කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් සමඟ පුද්ගලයෙකු මාට්ටු

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් සිදුකළ වැටලීමකදි සැකකරුවෙකු සමඟ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම ඊයේ(10) පස්වරු 4.30ට සිදු කර ඇති අතර එහිදි මිනිස් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් සහ තරාදි 2ක් සමඟ සැකකරුවෙකු[…]

Read More »

සවස් කාලයේදී දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට[…]

Read More »

සෞඛ්‍ය ඇමතිට එරෙහිව උතුරේ වෛද්‍යවරුන් විරෝධතාවයක

උතුරු නැගෙනහිර පළාත් වල සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ ‍ස්ථාන මාරු චක්‍රලේඛ අත්තනෝමතික ලෙස වෙනස් කර දේශපාලන අවශ්‍යතා මත උතුරු නැගෙනහිර සේවයකරන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කිරීමෙන් වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් උතුරු පළාතේ වෛද්‍යවරුන් අද (11) දහවල් වවුනියාව මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.[…]

Read More »

ලංකා IOC සමාගමත් අද සිට ඉන්ධන මිල පහත දමයි

ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් ද (රු164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු132) පහත දමා ඇති අතර ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු[…]

Read More »

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහරදුන් සැකකරු 24 දක්වා රිමාන්ඩ්

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සැප්තැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් හොරොව්පතාන පොලීසිය විසින් අද (11) අද පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සාමණේර හිමියන් දෙනමට මෙලෙස පහර දී ඇත්තේ[…]

Read More »

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමවී ඇත. ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේය. එය අනුමතවීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම මෙම මිල සුත්‍රය හරහා සිදුකිරීමට නියමිත අතර කිරිපිටි මිල ගණන් ලෝක[…]

Read More »

ගෝඨාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. එම[…]

Read More »

හෙට ජනපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැක – අගමැති

වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින් ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසමට දැනුම් දුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන්[…]

Read More »

වෙන්නප්පු ප්‍රා. සභාවේ එජාප මන්ත්‍රි දුලක්ෂි සහ ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. පසුගිය මස 19[…]

Read More »

පාකිස්ථාන තරග සංචාරය ගැන ඇමති හරීන්ගෙන් ට්විටර් පණිවුඩයක්

පාකිස්ථාන තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වීම වැළැක්වීම සදහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. No truth to reports that India influenced Sri Lankan players not to play in Pakistan.Some decided not to play[…]

Read More »

සජිත්ගේ මවගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මව වන ‌හේමා ‌ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැරදා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ආරංචි මාර්ග සඳහන්[…]

Read More »