ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පවරා ගැනීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය අද (09) රාත්‍රියේ නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මෙතෙක් පැවතියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා යටතේයි.

Read More »

සාලින්දගේ හිස්වූ පුටුවට ඩි.බී හේරත් පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීධුරයට ඩි.බී හේරත් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.

Read More »

අගමැති ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. ලබන 12 වැනි දා පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු බවට දන්වමින් අද සවස සිතාසි නිකුත් කර ඇත. එම නියෝගය ෆැක්ස්[…]

Read More »

පන්තියේ අන්තිම කොනේ ඉඳන් ඇමෙරිකාවේ මුල් නීති පුටුවකට ආ නිලුෂි

වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින් ලියා ඇති බිංදු ගණන් අම්මාට පෙන්නන්නට බියේ ඇය එදා දවසම සිටියේ හොර ගල් අහුලමින්ය. නිලුෂි රණවීරගේ මව ගම්පහ යශෝදරාවේ ගුරුවරියක් නිසා පාසලේ විදුහල්පතිතුමිය නිලුෂිගේ නිවසට පැමිණියේ ඒ අතරතුරේදිය.[…]

Read More »

නවක වදය සිද්ධියට සම්බන්ධ රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා 23 දක්වා යළිරිමාන්ඩ්

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බවට චෝදනා ලැබු රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය[…]

Read More »
වතුර

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙක අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව[…]

Read More »

උතුරුමැද උපාධිධාරින් 539කට ගුරු පත්වීම්

උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය[…]

Read More »

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නිසා පාසල් 04ක් වැසේ

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් ලබන 15 වනදා සිට 01 වැනිදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම කාල සීමාව තුළ තවත් පාසල් 23 ක් අර්ධ වශයෙන් වසා තැබෙන අතර සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් අධ්‍යන කටයුතු සඳහා[…]

Read More »

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ආරම්භවීමට නියමිතයි. ඒ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදීය. මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව සඳහා අද දිනයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

Read More »

නාමල් මඟුලට සූදානම් – නාවොත් ඉතිං එජාපෙ අය තමයි

නාමල් රාජපක්ෂ පසුගිය සතියේ දින හතරක් තිස්සේ ‘දැවැන්ත මඟුලක්’ කෑමට සැරසෙන අතර ඊට සහභාගි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවත් කියැවේ. කෙසේවෙතත් මෙම ‘දැවැන්ත මඟුලට’ මෙරට දේශපාලනයේ කලාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අයත්, ඇමරිකාවේ එංගලන්තයේ ඉන්දියාවේ විදේශීය අමුත්තන් විශාල පිරිසකුත්, හම්බන්තොට වීරකැටිය ගමේ ගම්වැසියනුත් ආරාධනා ලැබ සිටින[…]

Read More »

ගෙවල් බිද රු. මිලියන 8කට අධික වටිනා භාණ්ඩ සහ මුදල් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

රාගම, වත්තල, කදාන ඇතුළු පොලිස් වසම් 10ක ගෙවල් බිද රුපියල් ලක්ෂ 80කට වැඩි වටිනා රන් භාණ්ඩ සහ විදුලි උපකරණ සොරකම් කළ සංවිධානාත්මක කල්ලියක නායකයා ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වත්තල හේකිත්ත ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදි ඊයේ (08) වයස අවුරුදු 34ක් වූ[…]

Read More »
1 2 3