සැප්තැම්බර් 26 සහ 27 ගුරු විදුහල්පති වැඩවර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන 26 සහ 27 යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. ඒ බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරන අතර ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වසර 22ක් තිස්සේ පවතින ගුරු සහ[…]

Read More »

අගමැති විසින් සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තුවනවා

ඉදිරි ජනාධිපතිවරණය සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ව කැමැත්තෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූරය අපේක්ෂකත්වය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව විශේෂ සංවර්ධන ඇමති රාධාක්‍රිෂ්ණන් මහතා පවසයී. තලවාකැලේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිපයක් ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මෙසේද පැවසීය. එක්සත්[…]

Read More »

ඇමති ගාමිණී හෙට ජනපති කොමිසමට

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට 2015 සිට 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට පෙ.ව 9.30ට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. මහපොළ භාරකාර අරමුදලේ සිදුව ඇති බවට පැවසෙන වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයාට[…]

Read More »

ඉඩෝර කාලේ යැපෙන්නේ කොහොමද කියලා සංගීත් කියලා දුන්නා – ශාන් ඩයස්

‘‘සනිධප’’ මිනිස්සු අතරට ගියේ කොහොමද? අපි කණ්ඩායමක් විදියට වැඩ පටන් ගත්තේ 2000 අවුරුද්දේ. ඒ සංගීත් විජේසූරියගේ නායකත්වයෙන්. ඒ වෙද්දී එක්තරා සංගීත කණ්ඩායමක් වටා රැල්ලක් හැදිලා තිබුණා. අපිට ඕන වුණේ වෙනස් විදියට වැඩක් කරලා මිනිස්සු අතරට යන්න. 2000 මැයි 22 අපි මුලින්ම පුහුණුවීම් කළා. පළමු එළිමහන් ප්‍රසංගය කළේ 2000 අවුරුද්දේ ජූලි[…]

Read More »

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරයි

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇත. පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත සහ රථවාහන[…]

Read More »

ආපු තැනක් යන තැනක් නොදන්නා කන්ටේනර් 1000ක් වරායේ

අපේ රටේ ආර්ථික මර්මස්ථාන අතුරින් කොළඹ වරායට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මුහුදු මාර්ගයෙන් කෙරෙන ආනයන සහ අපනයන කටයුතු සියල්ල සිදුවන්නේ කොළඹ වරාය ඔස්සේය. එහෙත් මෑතක පටන් කොළඹ වරායේ හොඳ නමට කුණු ගෑවෙමින් තිබෙනු පෙනෙයි. පසුගිය කාලයේ දී අපේ රටට ගෙනා කුණු කන්ටේනර් ගැන මහත් ආන්දෝලනයක් ඇති විය. එහෙත් දැන් ඒ පිළිබඳ[…]

Read More »

පළාත් සභාවලට වෙන දේ දෙයියො දනී මං නොදනී

ඔබ තමයි අපේ අවසන් මැතිවරණ කොමසාරිස්… ඒ වගේ ම මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා… මේ තනතුරු දෙකේ ලොකු වෙනසක් තියෙනවද…? සරලවම කියනව නං, කොමසාරිස් කිව්වොත් එකයි… කොමිසම කිව්වොත් තුනයි… ටිකක් විස්තර කරල කිව්වොත්…? මෙහෙමයි… කොමසාරිස් කාලෙ තීන්දු තීරණ ගත යුත්තේ කොමසාරිස්වරයා… කොමිසමෙන් පසුව එහි සාමාජිකයින් තුන්දෙනා එකට එකතුවෙලා තීරණ ගන්න ඕන…[…]

Read More »

විශේෂ කාරක සභාව හමුවීමට ජනපති දින දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනයක් ලබා දී ඇත. ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. 20 වන දින පෙරවරු 10.00ට[…]

Read More »

ඊශ්‍රායලය කංසා සමුළු තියද්දී අපි තවමත් සංකාවෙන්

පොලිසි ගාණේ උසාවි ගාණේ වේළුණ ශාකයකට, ලෝක මට්ටමේ පිළිගැනීමක් මේ දිනවල ලැබෙමින් පවති. පසුගියදා ඒ වෙනුවෙන්ම ලෝක සමුළුවන්ද පැවැත්විණි. මෙසේ ලෝක සමුළුවලට පවා යමින් සිටින අපේ පාරම්පරික ශාකයක් වන ගංජා ගහට (කංසා) තවමත් ඇත්තේ අමුතු සැලකිල්ලකි. ඒ සැලකිල්ල කොතෙක්ද යත් මෙහි නම කියනවාටත් බොහෝ දෙනා තවමත් බියය. ඒසේ බිය වන්නේ[…]

Read More »

ජනපතිවරණයට ඕනෑම කැපකිරීමක් කරන්න නිදහස් පක්ෂය සුදානම්

ඕනෑම කැපකිරීමක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඇල්පිටියේ ප්‍රදේශයේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Read More »

බූරුවෝ පුත්තලමෙන් සමු ගනිති!

‘එක බූරුවා ඉස්සරහින් පැන්නා, දෙක බූරුවා අස්සෙන් රිංගුවා, වීල් එක පෙරළුණා. මට තුවාල වුණා. මං ඉතන්නේ දෙක බුරුවාටත් තුවාල ඇති. ඒත් ඌ එක බූරුවා පෂ්ෂේ පන්නා ගෙන ගියා’, කලකට ඉහත පුත්තලම නගරයේ සිදු වුණු ත්‍රිරෝද රථ අනතුරක දී, මුස්ලිම් ජාතික රියදුරා තමන්ට සිදු වුණු හදිය ගැන විස්තර කළේ එපරිද්දෙනි. ඔහු[…]

Read More »