පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය[…]

Read More »

රත්ගම ඝාතනයේ සැකකරුවෝ සැප්. 16 දක්වා යළි රිමාන්ඩ්

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (02)නියෝග කළේය. රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම[…]

Read More »

පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 5කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී ලකුණු 174ක් රුස්කර ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු[…]

Read More »

නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සමට හේමසිරි සහ පූජිත් ලිඛිත විරෝධතා ඉදිරිපත් කරති

පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කීපයක එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම මගින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති[…]

Read More »

සජිත් සල්ලි අරන් තියෙන්නෙ මටවත් කියල නෙවෙයි

පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් පැවසුවේ, මේ දිනවල පක්ෂ විනය කඩකරන්නන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්නට අදාළ පියවර ගනිමින් සිටින බව ය. මේ අතර ‘සජිත් නොසිටින වේලාවක් බලා’ නැඟී සිටි රවී කරුණානායක මෙසේ කීවේ, කාගේත් අවදානය ඒ වෙතට යොමුකරමිනි. ‘‘සජිත් පහුගිය කාලෙ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන 1.2 ක් විතර අරන් තියනවා…[…]

Read More »

අගෝස්තුව අවසානය – එජාපයේ අපේක්ෂකයා තවමත් නැත

අගෝස්තුව අවසාන විය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණේ නැත. මාසයේ අවසන් සතිය වූ පසුගිය සතියේ ද රනිල් පිල සහ සජිත් පිල අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ අතර තවදුරටත් ඔවු’නොවුන් වෙන වෙන ම හමු වී ‘රාත්‍රී-රහස් සාකච්ඡා’ පවත්වමින් සිටියහ. පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු කාර්යමණ්ඩලය ද එළඹෙන ජනාධිපතිවරණය සඳහා වූ[…]

Read More »

පොහොට්ටු කාරයො අපිව කුලප්පු කරන්න හැදුවට අපි නං කුලප්පු වෙන්නෙ නෑ

පසුගිය සතියේ පාලමක් විවෘත්ත කරන්නට ගිය එ.ජා.ප.යේ අමාත්‍ය කබීර් හෂීම්ට ද මෙවැනි ම ‘අකරතැබ්බයකට‘ මුහුණපෑමට සිදුවුයේ ගිනිගත්හේන අඹගමුවේ දී ය. මෙම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකෙරුණු පාලමක් විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදාට යෙදී තිබුණු අතර එය හදිසියේ ඊට කලින් දා සවස, එනම් අඟහරුවාදා සවස විවෘත කෙරුණි. ඒ එම ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී[…]

Read More »

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. සිය නිවසේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ෆොන්සේකා මහතා මියගොස් ඇති අතර 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස්[…]

Read More »

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු මාට්ටු

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර මොහු වෑන් රථයක් සහ බස් රථයක් ඇති[…]

Read More »

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට තනිව තරඟ කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව[…]

Read More »

කෝටි දහතුනක කාසි අතේ

දැනට සංසරණය වන කාසි රුපියල් දහතුන් කෝටි විසිතුන් ලක්ෂ දෙසිය දහසයක (13232016) මුදලක් ඇති බව 2018 මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ශත 1, ශත 2, ශත 5, ශත 10, ශත 25, ශත 50, රුපියල් 01, රුපියල් 02, රුපියල් 05 හා රුපියල් 10 යන කාසි එසේ සංසරණය වේ. වැඩිම කාසි ප්‍රමාණයක්[…]

Read More »