September2019

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාව සදාචාරාත්මක නෑ

ජනාධිපතිවරණය නනිවේදනය කර තිබියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් යටතේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාව සදාචාරාත්මක නොවන බවත්, සජිත් ප්‍රේමදාස මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාක්ෂිකයන් ඊට විරුද්ධ වන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසයි. අද (20) පවතී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙය කාගේ උවමනවටදැයි කළ ප්‍රශ්න[…]

Read More »

අද පස්වරුවේ කාර්යාල දුම්රිය ප්‍රමාදයක්

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අද (20) පස්වරුවෙත් කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

විශේෂ කාරක සභාව ජනපතිගෙන් පැය 03ක් සාක්ෂි විමසයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි විමසීම අවසන් කර ඇත. විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ පැය 03කට අධික කාලයක් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම සිදුකර ඇත. මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි[…]

Read More »

ඇමති දයා ගමගේට එරෙහිව සමෘද්ධි නිලධාරීන් පාරට බහි

බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගය ආශ්‍රිත සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සහ අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි ව්‍යාපාරයට මෙන්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට කරනු ලබන හානියට එරෙහිව විරෝධතාවයේ නිරත වන බව[…]

Read More »

ඉදිරි දින කිහිපයේදී පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්

දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් අනුරාධපුර, යාපනය[…]

Read More »

ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දය තහනම් කිරීමට ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.[…]

Read More »

එ.ජා.පය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24දා

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24දා සිදුකිරීමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. එම පෙරමුණ විසින් යෝජනා කර ඇත්තේ අමාත්‍ය සජිත්[…]

Read More »

දුමින්ද දිසානායක ජනපති පරීක්ෂණ කොමිසමට සාක්ෂි ලබාදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) දින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ සාක්ෂි ලබා දී ඇත. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක මහතා කටයුතු කළ කාලයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑමට අදාලව කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අද දින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ සාක්ෂි ලබා දීම සිදු කළා.[…]

Read More »

ඇමති සජිත් ජනපති කොමිසමට නොපැමිණෙයි – ලබන 23 යළි කැඳවයි

නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද (20)පැමිණෙන ලෙස එම කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබුණි. නමුත් එයට රාජකාරි හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පරීක්ෂණ ඒකකයට පැමිණ නොමැති අතර ඒ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ජනාධිපති පරීක්ෂණ[…]

Read More »

හරීන්ගෙන් අමාත්‍යවරයෙකුට ගුටි ?- සජිත් පිලෙන් සුබපැතුම්

ඊයේ (19) දිනට පෙර පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුට පහර දුන් බවට සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පළවෙයි. එම රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයෙකුගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔහු කියා සිටියේ යම් සිදුවීමක් සිදු වූ බවත් එම අවස්ථාවේ අතිශය උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.[…]

Read More »

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මීට සුළු වේලාවකට පෙර මැතිවරණ කොමිසමේදී සිදුකෙරුණි. එම පක්ෂයේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුත්ත සිදුකරනු ලැබීය.

Read More »
1 2 3 34