August2019

තුන් නිකායම එකක් වෙන්න යයි

ඉදිරියේදී තුන් නිකායම එකතු කර සංඝ සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ පැවසූහ. මෙලෙස සංඝ සභාවක් පිහිටුවා එක නායකත්වයක් යටතේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද අනු නාහිමියන් කියා සිටියහ. මේ පිළිබඳව අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද[…]

Read More »

උදේ 7.30 කැඳ වූ කැබිනට් රැස්වීමට ආවේ ඇමතිවරු 5 යි ලු

ඉකුත් සතියේ අඟහරුවාදා පෙරවරු 7.30 ට කැඳවා තිබුණු ‘කැබිනට් රැස්වීමට’ ඇමතිවරුන් පස්දෙනෙකු පමණක් පැමිණ සිටීම සම්බන්ධයෙන් තරමක් කේන්තියෙන් පසු වූ ජනාධිපතිවරයා, ‘මේ අය උදෙන් එන්නෙ නැති හින්දා ලබන සතියේ ඉඳන් පරණ වෙලාවට ම පරක්කු වෙලා පටන් ගනිමු…’ යි කැබිනට් කාර්යයාලයට දැනුම් දී තිබේ. ‘‘මම කැබිනට් එක උදෙන් ම තියන්න හිතුවේ[…]

Read More »

උ.පෙළ සිසුන්ට ටැබ් දෙන්න පුළුවන් පස් වසරකට වරක් පමණයි – මුදල් අමාත්‍යාංශය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට මුදල් වෙන් කළ හැක්කේ පස් වසරකට වරක් පමණක් බවට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. පළමු වටයේදී සියලුම ජාතික පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට පමණක් ටැබ් පරිගණක අනූහත් දහසක් බෙදාහැරෙන අතර එම ටැබ් පාවිච්චි කළ[…]

Read More »

දින හතක් තුළ ‘සජිත්’ව නම් කරන්න – එජාප මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කරයි

‘සජිත් නොදුන්නොත්’ තමන් පක්ෂය හැර යන්නේ යැයි කියන එ.ජා.ප. කණ්ඩායම එළඹෙන දින හත තුළ අපේක්ෂකත්වය සඳහා ‘සජිත්’ නම් කළ යුතු බවට පක්ෂ නායකයන් වෙත ‘රතු නිවේදනයක්’ භාර දීමට කටයුතු කළ අතර එම ‘නිවේදනය’ නිසා එ.ජා.ප. නායක රනිල් බිත්තියටම හේත්තු වන සතියක් උදා වීමට නියමිතව ඇති බව කිව හැකි ය. කෙසේවෙතත්[…]

Read More »

ප්‍රතිඵල අනුව ක්‍රීඩා ඇමතිටත් ගෙවීම් කළා නම් හරීන්ට අතිනුත් ගෙවන්න වෙනවා

මෙරට ක්‍රිකට් වංශකතාවේ ඉහළම ප්‍රතිඵලවලට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඔහුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කෙබඳු වේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේ මෙලෙසිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පරිහානිය එක රැයකින්[…]

Read More »

රට ගලවා ගන්න දියනාගෙන නායකයෙක් එයි ?  

රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට අදත් වැඩිහිටියෝ එය මුළුමනින් දුරලිය හැකි මෙම ‘දියසේන ඇබෑර්තුව’ පිළිබඳව කතාබස් කරති. ශ්‍රී ලංකාව[…]

Read More »

ඩිස්කවරි යන අපේ කොටි

ලංකාවට ආවේණික කොටියා ගැන කියද්දී අපට සිහිවන්නේ ඒකචාරී දඩයම්කරුවෙකි. රංචු පිටින් යෑමේ පුරුද්දක් කොටියාට  කවදාවත්ම නැත. රංචු ලෙස සිටින්නේ නම් ඒ ගැහැනු සතුන් සහ පැටවුන් පමණි. මුවන්, වල් ඌරන්, වඳුරන් කොටියාගේ ගොදුරුය. දවසේ වැඩි හරියක් අලසව කාලය කා දමන්නට කැමැති මෙම සත්ත්වයා ඉතා කුසගින්නේ සිටින්නේ නම් දඩයමක් ඩැහැගැනීමේ වැඩි ජවයකින්[…]

Read More »

ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක ජයක් – දිමුත් තරගයේ වීරයා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 249ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක් රැස්කර ගත් අතර, ඒ අනුව[…]

Read More »

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීමට මිලියන 265ක ආයෝජනයක්

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීම හා ධීවයන්ගේ පහසුව සඳහා ධීවර ආම්පන්න පහසුවට හා ලාභ දායකව ලබාදෙන්නට පියවර ගන්නා බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිවරයා එසේ කීවේ,කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබද සොයාබැලීම සදහා එහි සිදුකල නිරීක්‍ෂණ චාරිකාවකින් පසුවයි.[…]

Read More »

එජාප හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය තරුණ සේවා සභාවේ සභාපති එරන්දට

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (18) දින අරලියගහ මන්දිරයේදී ලබා දී ඇත. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවී[…]

Read More »

වසරකට සර්පයෝ අසූදාහක් මිනිසුන් කති

ගමේ කතාබහේ හැටියට, නයෙක්, පොළඟෙක් හෝ කරවැලෙක් බඳු විෂඝෝර සර්පයෙක්, ඉර මුදුන් වේලාවක දෂ්ට කළ හොත්, ඒ තැනැත්තාට තවත් කවුරුන් හෝ මනුෂ්‍යයකු මුණගැසෙන තෙක් අපහසුවෙන් හෝ ඇවිද යා හැකි ය. ඉක්බිති, ඔහුට තමන්ට සිදු වූ විපත ගැන කියන්නට අවස්ථාවක් ඇතිව හෝ නැතිව, සිහි මුර්ඡාවී ඇද වැටේ. ආගන්තුක මනුෂ්‍යයා, තමන් ඉදිරියට[…]

Read More »