August2019

කෘෂිකර්ම ගොඩනැගිල්ලට රු. කෝටි දෙකක් පිදුව දුමින්ද හෙට ජනාධිපති කොමිසමට

රුපියල් දසලක්ෂ විසි එකක මාසික කුලියට කෘෂිකර්ම අමාත්යාංශය රාජගිරියේ පිහිටි ඩී.සී.ජේ. ටවර් ගොඩනැගිල්ලට ගෙන යාම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු කෘෂිකර්ම ඇමැති, පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක හෙට (20දා) ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබ ඇත. මේ අතර මෙම ඩී.සී.ජේ. ටවර් ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බවට කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව[…]

Read More »

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 67,578ක් පීඩාවට පත්වෙයි

පවතින නියඟය හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 67578 කට අයත් පුද්ගලයින් 228445 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව උතුරු පළාතේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. නියඟය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 8839 කට අයත් පුද්ගලයින් 30970 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය 18 ‍වැනිදා නිකුත් කළ දත්ත වාර්තාව[…]

Read More »

අලියාගෙන් බැරි වුණොත් සජිත් රාජඅලියාගෙන්

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ. එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක[…]

Read More »

අලුත් හූනන් හයකට ජාතික වීරයන්ගේ නම් දෙති

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. විදේශීය මහාචාර්යවරු සහ දේශීය මහාචාර්වරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය 2018 වර්ෂයේදී මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන් ලංකාවේ කුඩා වනාන්තර ආශ්‍රිතව මෙම සතුන් ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර[…]

Read More »

එජාපයට සහය ඕනෑ නම් අභ්යන්තර ප්‍රශ්න විසඳාගන්න හකීම්, මනෝ, දිගම්බරන් සහ රිෂාඩ් අගමැතිට කියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය පළකිරීමට නම් එ.ජා.ප. අභ්යන්තර ප්රශ්න විසඳාගනිමින් කඩිනමින් සන්ධානයක් හා ජනාධිපතිධුර අපේක්ෂකවරයකු නම් කරන ලෙස රවුෆ් හකීම්, මනෝගනේෂන්, පී. දිගම්බරම් හා රිෂාඩ් බදුර්දීන් යන ඇමැතිවරුන් එ.ජා.ප. නායක අගමැති රනිල් වික්රමසිංහ හට දැනුම් දී තිබේ. ඇමැති මනෝගනේෂන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ කථානායක කරු ජයසූරිය සමග කථානායක නිල[…]

Read More »

කෝට්ටේ නගරාධිපති ජනාධිපති කොමිසමට

පසුගිය සිව් වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව හා එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේද, එය නීත්‍යනුකූල පරිදි අනෙකුත්[…]

Read More »

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අගමැති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට ද නියමිතව ඇත.

Read More »

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින් කි.ග්‍රෑ. 70 කට ආසන්න තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. මේ හා සමගාමීව ජූලි මස[…]

Read More »

ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කෙරිණ. අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජන බව වේගයේ රැළියේදි මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවයි. පෙරළියේ මහ රැලිය ජාතික[…]

Read More »

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිද්ධි 06ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වනදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියට ප්‍රතිචාර ලෙසයි. නීතිපතිවරයා විසින් විමසා ඇති අදාළ[…]

Read More »

ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජවිපෙ රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී ඇත. කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී ඇති මෙම රැළියට විශාල ජනතාවක් සහභාගි වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය. පෙරළියේ මහ රැලිය Posted by National People’s Power on Sunday, August 18, 2019

Read More »