පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය සෙනසුරාදා

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය සෙනසුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත. එදින උදෑසන 09.00 සිට අනුකමිටු 04ක් යටතේ දිවයින පුරා තරුණ තරුණියන් රැසක් සමග සුහදශීලී සංවාදාත්මක වැඩසටහනක් නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරෙන අතර සවස 02.00ට සමුළුව ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.[…]

Read More »

විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින් විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබාදීම අරඹයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්ෂි විමසීම මේ වන විට ආරම්භ කර තිබේ. අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් සාක්ෂි ලබාදීමට[…]

Read More »

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතේ පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප වෙයි

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. අද(20) ඒ බව පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර ඇති අතර ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර[…]

Read More »

කසුන් පලිසේනට පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට අධිකරණය නියෝග කරයි

2015 වසරේ ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 10000 කට වැඩි පාඩුවක් සිදුකල මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙත පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ[…]

Read More »

JMI සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර

අත්අඩංගුවට පත් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් තහනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන්ගෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ලද පුහුණුවීම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. දින තුනක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා ඔවුන් පොලිස් ත්‍රස්ත විමර්ශන[…]

Read More »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන නායකයන් අතර රැස්වීමක් අද පස්වරුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Read More »

සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට වසරක සිර දඬුවම්

2002 වසරේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කළ සහල් නියමිත මිලට වඩා අඩු මිලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා වරදකරු කෙරුණු එම ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (20) වසරක සිර දඬුවමක් නියම කරනු ලැබීය. එම[…]

Read More »

එජාපයේ අර්බුද ඉදිරියේදී සුබවාදීව විසදෙයි

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතියැයි පැවසෙන අර්බුද ඉදිරියේදී සුබවාදීව විසඳී යන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අද(20) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර කැබිනට් සාකච්ඡාව ඉතා හොඳින් සිදුවු බවත් පක්ෂයේ දේශපාලන තත්ත්වය කැබිනට් රැස්වීමට අදාළ[…]

Read More »

කේන්ට විවේකයT20 නායකත්වය ටිම් සවුතිට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරග තුන සදහා නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුතිට හිමිව තිබේ. ඒ කේන් විලිම්සන් විවේක ගැන්වීමත් සමගය. කේන් විලිම්සන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිටම දීර්ඝව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ටිම් සවුතිට මෙලෙස[…]

Read More »

චන්ද්‍රිකාට පක්ෂ මූලස්ථානයේ ලිෆ්ට් එකත් ෂුවර් නෑලු

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ට ද ‘අලකලංචියක්’ විය. අඟහරුවාදා උදේ ඇය හදිසියේම පක්ෂ මූලස්ථානයට පැමිණි අතර ඇගේ පැමිණීමත් සමඟ පක්ෂ මූලස්ථානයේ නිලධාරීන් මෙන් ම පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර ද මඳක් කලබලයට පත් වූයේ ය. මන්ද එදිනට යෙදී තිබුණේ, පක්ෂ ලේකම්වරයා විසින් පක්ෂයේ ප්‍රාදේශීය[…]

Read More »

ඩග්ලස් දේවානන්ද ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි

ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ ඊයේ පෙරවරුවේ (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදීයි. එහිදී ඩග්ලස් දේවානන්ද මහතා දෙමළ ජනතාව මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වාදී තිබේ.

Read More »