පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිද විමසා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති නිසා පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර ලබන 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක[…]

Read More »

සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තුන්දෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අද(15) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන්[…]

Read More »

මරණ දඬුවමට එරෙහි පනත සති දෙකකින් විවාදයට

මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සති දෙකෙන් එකක විවාදයට ගැනීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත අගෝස්තු 01වන දින පර්ලිමෙන්ය්තුවට ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පතට එරෙහිව කිසිවෙකු අධිකරණය හමුවට ගොස් නැති බවද පෙත්සම ගොනු[…]

Read More »

ඉන්දියාවේ උපදෙස් මත දෙමළ සන්ධාන සහාය එජාප අපේක්ෂකයාටයි

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට යන බව පැවසුවද ඔහු එහි ගොස් ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් ලබාගෙන ඇතැයි ආනන්දන් කියයි. ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ[…]

Read More »

බීමත් රියදුරන් 8717ක් අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 82ක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත. මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 8717 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය[…]

Read More »

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනිදා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අද (14) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේදී එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා[…]

Read More »

ගිය වසරේ ගංවතුරට හසුවූ නිවාසවලට මෙතෙක් වන්දි නැහැ

පසුගිය වසරේ මැයි මාසයේ හදිසියේ ඇතිවූ වැසි තත්ත්වය නිසා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක විසි දෙකක නිවාස 186කට පූර්ණ හානි සිදුව ඇත. තවත් නිවාස දසදහස් හත්සිය අටකට හානි සිදුව ඇතත් ඒ සඳහා මෙතෙක් වන්දි මුදල් ලැබී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක දහයක නිවාස 137කට වැඩිම හානි සිදුව[…]

Read More »

පුපුරන ද්‍රව්‍යවලට යොදන ඇසිඩ් වර්ගයක් සමග මහනුවර ව්‍යාපාරිකයා දැලේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට පුපුරන ද්‍රව්‍ය සෑදීම සඳහා යොදාගත් වර්ගයේ නයිට්‍රික් ඇසිඩ් හා සල්ෆියුරික් ඇසිඩ් සඟවා තැබූ ව්‍යාපාරිකයකු මහනුවර ඇසළ පෙරහර සෝදිසි කිරීමේ රාජකාරිවල නිරත විශේෂ කාර්ය බළකා භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සල්ෆියුරික් ඇසිඩ් කිලෝග්‍රෑම් 140ක් හා නයිට්‍රික් ඇසිඩ් කිලෝග්‍රෑම් 225ක් සොයාගෙන ඇත්තේ මහනුවර, සේනානායක වීදියේ සුන්දරම් ස්ටෝර්ස් නමැති[…]

Read More »

ගෝඨා සහ සජිත් ගැන සොයන්න වෙනම කණ්ඩායම්

මෙතෙක් පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන් සොයා ගිය බුද්ධි අංශ කණ්ඩායම්වලින් බහුතරයක් යළිත් දේශපාලනඥයන්ගේ තොරතුරු සෙවීමට යොදවා ඇතැයි අනාවරණය වේ. ජනාධිපතිවරණ උණුසුම පටන් ගැනීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇත. මෙම තත්ත්වය මත අන්තවාදී කණ්ඩායම් ගැන විමර්ශන යටපත් වීමේ අවදානමක්ද ඇතැයි ආරක්ෂක ප්‍රධානීහු අනාවරණය කරති. මේ ආකාරයට පාස්කු ප්‍රහාරය එල්ල වනතෙක් පොලිස්පතිවරයා[…]

Read More »

පක්ෂ අරමුදලට සතපහක වැඩක් නොකළැයි ශ්‍රීලනිප භාණ්ඩගාරික තනතුරින් එස්.බී. දොට්ට දාන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඉවත් කර වෙනත් අයකු එම තනතුරට පත් කිරීමේ යෝජනාවක් එම පක්ෂයේ 68 වැනි සංවත්සරයට ඉදිරිපත් කෙරේ. ලබන මස 3 වැනිදා සවස 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන[…]

Read More »

චන්ද්‍රිකා නිදහස් පක්ෂ මූලස්ථානයට එයි – රැස්වීම මාධ්‍යට වැසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්වෙන විශේෂ රැස්වීමකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මිට සුළු මොහොතකට පෙර කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පැමිණියේය. එම විශේෂ රැස්වීම මාධ්‍යට ආවරණය කිරීමට ඉඩ ලබා දී නොමැති බව වාර්තාවෙයි.

Read More »