ජේලර් මරන බවට බන්ධනාගාර මූලස්ථානයේදී ලොක්කෙක් කලින්ම කියලා

බන්ධනාගාරය හා සිරකරුවන් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වූ බැඳීමකි. එම බැඳීම, හොඳට හොඳ වගේම නරකටත් එසේමය. පසුගිය සතියේ බන්ධනාගාර නිලධාරියකුගේ ජීවිතයක් බිලිගනිමින් එළිපිට පුපුරා ගියේ එකිනෙකාට වූ බැඳීමෙන් එළියට ගොස් ඇරඹුණු පලිගැනීමේ රැල්ලකි. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචි රුවන් ජයරත්න ඉකුත් සති අන්තයේදී පාතාලයේ[…]

Read More »

වකුගඩු මාරයා පරාජය කරන්නට මාලිගාවත්තට එන මිනිස්සු

ජීවිතය අත්හැර යන්නට ඔන්න මෙන්න කියා තිබියදී වකුගඩු රෝගීන්ට මරණයෙන් ගොඩ එන්නට පිහිටවන තැන මෙතැනය. එහි තිබුණු තරමක් විශාල නාම පුවරුවක ‘‘ජාතික වෘක්කවේදී කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය’’ යැයි දක්වා තිබිණි. පොදුජන වහරෙන් කියනවා නම් මෙය සුප්‍රකට මාලිගාවත්ත වකුගඩු රෝහල’’ය. කොළඹ රෝහලක උදේ කාලයේ පවතින මහත් කලබලකාරීත්වය වෙනුවට මෙහි[…]

Read More »

මීගමු පාරට හැමදාම රෝද දහයේ වාහන 50ක් – තදබදය වැඩිවෙයි

කොළඹ නගරයේ කුණු පුත්තලම අරුවක්කාළු ප්‍රදේශයට බැහැර කිරීමට ගත් තීරණයත් සමග දෛනිකව මීගමුව පුත්තලම් මාර්ගයට රෝද දහයේ විශාල ප්‍රමාණයේ ලොරි රථ පනහක් පමණ එකතු වීමට පටන්ගෙන ඇත. එම හේතුවෙන් එකී මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි. දිනකට කොළඹ නගරයෙන් ටොන් පන්සියයක පමණ කුණු ප්‍රමාණයක් ඉවත් කරන අතර[…]

Read More »

හදවත් රෝගීන් දස දහස් ගණන් සැත්කම් පෝලිමේ

බෝනොවන රෝගවලින් වැඩිම පිරිසක් ශ්වසන රෝගීන් හා හදවත් රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්වසන රෝගීන් පන්ලක්ෂ විසිහයදහසක් (526510) වාර්තා වෙයි. 1980 වර්ෂය වන විට හදවත් රෝගීන් දහඅට දහස් දෙසීයක් වාර්තා වී ඇති අතර මේ වන විට එම සංඛ්‍යාව එක්ලක්ෂ අනූතුන්දහස දක්වා වර්ධනය වී ඇත. ඉන්පසු වැඩිම බෝනොවන[…]

Read More »

ඌවේ පාරක් හදන්න ලෝක බැංකුවෙන් දුන්න කෝටි 72 ක් පිල්ලි ගහලා

ඌව පළාත් ගලඋඩකන්දකැටිය කරමැටිය මාර්ගය සංවර්ධනය කිරීමේදී රුපියල් මිලියන හත්සිය විසිහයක මුදලක් එහි සේවකයන් හා කොන්ත්‍රාත්කරු වංචාකර ඇති බවට දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් ගැන විමර්ශන ආරම්භ කර තිබේ. මෙම මාර්ගය සංවර්ධනය කර ඇත්තේ ලෝක බැංකු ණය ආධාර යටතේය. එහිදී අනුමත මුදලටත් වඩා වැඩි මුදලක්[…]

Read More »

කරන්ට් වදින ගිවිසුමකට විදුලියේ ලොක්කෝ එකඟ වෙලා

තුර්කි නැව් දෙකකින් මෙගාවොට් 400 ක විදුලිය මිලදී ගත්තත්, නැතත් මුදල් ගෙවිය යුතු බවට අදාළ සමාගමේ සඳහන්ව ඇති ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කර තිබූ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තුර්කි නැව් දෙකකින් විදුලිය ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට්[…]

Read More »

හතුරුසිංහ විතරද කළු

රටේ බහුතරයක් ජනතාවට සංවේදී වන කාරණා අතර ‘ක්‍රිකට්’ යනු ඉදිරියෙන්ම ඇති දෙයකි. මෙරට පාර්ලිමේන්තුවේදී ගන්නා තීන්දු තීරණ පිළිබඳව නොදන්නා මිනිසුන් රටේ මීළඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් තීන්දු කර ඇති සංචිතය පිළිබඳව පමණක් නොව, එම සංචිතයේ හොඳ නරකද කියන්නට දනියි. විනිමය පනත සම්මත කරගැනීමේදී රටට සිදුවන පාඩුව ගැන නොදන්නා මිනිස්සු, චන්දික හතුරුසිංහව[…]

Read More »

2019 මුල් කාර්තුව අවසානයේ හෙජින් පාඩුව බිලියන 15 යි

2019 වසරේ මුල් කාර්තුව අවසානය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරන ලද ඉදිරි සුරැකුම් ගනුදෙනුව හෙවත් හෙජින් ගිවිසුම මගින් රුපියල් බිලියන 15.7 කට ආසන්න අලාභයක් සිදුකොට ඇත. ගිවිසුම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශනයකදී මේ බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තේරීම් කමිටු සභාපති[…]

Read More »

දෙහිවල බෝම්බකරුට බුද්ධි නිලධාරියකුගේ රැකවරණ – කොළඹ සරසවියේ එකට ඉගෙන ගෙන

දෙහිවල කරගම්පිටිය නිව්ටොපිකල් ලැගුම්හල තුළදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය සහරාන්ගේ කණ්ඩායමේ ජමල්ඩීන් නමැත්තා රාජ්‍ය බුද්ධි සේවයේ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ සොයන කිව් (Q) ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු සමග කොළඹ විශ්වවිද්‍යාලයේ අරාබි භාෂාව ඉගෙන ගත් පන්ති සගයකු බවට තොරතුරු හෙළිව තිබේ. මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගැනද ඉරිදා ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන්ගේ බිරියගේ[…]

Read More »

නීලමනී කළුද? සුදුද? තීරණය ඔබේ අතේ

මේ දිනවල රිදී තිරයේ ජයකෙහෙළි නංවන ‘විජයබා කොල්ලය’ සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි. සුන්දර නමුත්, සංකිර්ණ ගැහැනු චරිතයක් වන නීලමනීගේ චරිතය ප්‍රතිනිරූපණයෙන් පසු සෙනාලි අපට හමුවුණ මුල් අවස්ථාවේම අපි ඇයගෙන් විමසූ ප්‍රශ්නවලට ලැබුණ පිළිතුරුයි මේ… ‘විජයබා කොල්ලයේ’ නීලමනී, සෙනාලිට වැදගත් වෙන්න බලපාන කරුණු මොනවද? විජයබා කොල්ලය කියන්නේ තිරගත වන[…]

Read More »

මම කුලියට රඟපාන්නේ නැහැ

අවාසනාවන්ත තැනකට රට ඇද දැමූ දේශපාලකයන් අතින් සම්මාන ගන්න මට බැහැ පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2017 වසර වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගන්නා ලද්දේ සේමිණි ඉද්දමල්ගොඩ විසිනි. ඈ සිය සිනමා රංගන ජීවිතයේ හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම අවස්ථාවයි ඒ. ඈ ලද සම්මානය ගැනත්[…]

Read More »
1 2 3