සජිත් නිවු බල්බය රවී දල්වයි

කූරගලට විදුලිය ලබාදීම නවතා දැමුවේ ලංකා විදුලිබල මණ්ඩලය නොවන බවත්,අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ,පසුගියදා පැවති මහනුවර නිල සංචාරයේදි අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව[…]

Read More »

ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලිය අඩු කළත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිය වෙනස් නොවෙයි

මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ක්‍රියාත්මක 15% විශේෂ[…]

Read More »

සජිත් ප්‍රේමදාසගේ ගම්උදාව

‘‘මාගේ සදාදාරණීය පියාණන්ගේ නාමයෙන්, ඔහු විසින් ගෙන ගිය ගම්උදා වැඩසටහනට නැවත පණ දෙමින්, මා විසින් ගෙන යන මේ වැඩසටහනේ අරමුණ මේ රටේ අසරණ අහිංසක ජනතාවට හිසට සෙවණක් ලබාදීම යි…’’ ආදී වශයෙන් කතා පවත්වමින්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් විවෘත කරනු ලබන මෙවැනි ඕනෑම ගම්මානයක ආරම්භක ස්ථානයේ සවි වන ග්‍රැනයිට් ඵලක තුනකින්[…]

Read More »

මේ සිංහ කොඩියේ නැත සිංහ කකුල් එහි ඇත්තේ කුකුල් කකුල්

හුදී ජන පන්තියේ බොහොම දෙනෙක්, දහඩියට ම දියැවී ගිය ලිපි ගොනු ද අතැතිව ආණ්ඩුවේ කන්තෝරු ගානේ ඇවිදින්නේ තම පෞද්ගලික වැඩ කටයුතු කර ගනු පිණිස ය. ඒවා අතර, තමන්ගේ දූ දරුවන්ට රැකී රක්ෂා සොයා ගැනීම, රජයේ සේවයේ ස්ථාන මාරුවක් ලබා ගැනීම සහ තම දරුවන්ට නගරයේ පාසලක් ලබා ගැනීම ආදී අවශ්‍යතා ප්‍රධාන[…]

Read More »

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නැහැ – නීතිපති දැන්වූ බව ජනපති කියයි

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දැන්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි. මත්ද්‍රව්‍ය විරෝධි සටනට[…]

Read More »

ඩෙනිශ්වරන්ට එරෙහිව විග්නේශ්වරන් සිදුකළ ක‍්‍රියාව නීති විරෝධියි

උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යධූරයෙන් අයථා අන්දමින් තමා ඉවත් කොට වෙනත් පුද්ගලයින් සිය අමාත්‍යධූරය වෙනුවෙන් පත් කිරීමට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා ලබාදුන් තීන්දුව නීතිවිරෝධි බවට අද (05) අභියාචනාධිකරණය තීන්දු කළ බව උතුරු පළාත් හිටපු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා පවසයි. ෙඩිනිශ්වරන් මහතා පැවසුවේ උතුරු පළාත්[…]

Read More »

අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ලට විශේෂ දුම්රිය සේවයක්

අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ලට යන්නට විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවරගෙන ඇත. මෙම නිවාඩු සමයේ දී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් බදුල්ලට ගමන් කරන දුම්රියට සම්බන්ධයෙන් ඉල්ලිමක් සිදු කරන නිසා මෙම තිරණය ගෙන ඇත. අගෝස්තු 06 දින සිට එස්.12 වර්ගයේ ද්විත්ව බලවේගි කට්ටලයක් ධාවනය කෙරන අතර ඒ යටතේ අගෝස්තු[…]

Read More »

අගෝස්තු මස අවසන්වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරනවා – අගමැති

අගෝස්තු මස අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ මෙහිදී සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තීරණ ගන්නා බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු[…]

Read More »

උත්තර ප්‍රශ්න එකට ගැටෙයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ යාපනය දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන්ගේ උත්තර පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයට රැගෙන යමින් තිබූ ලොරියක් පිටුපස යාපනයේ විභාග රාජකාරි වල නිරතව සිටි කණ්ඩායමක් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් එහි සිටි හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත. ඊයේ (05) අළුයම 12.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි. ශිෂ්‍යත්ව විභාගයට[…]

Read More »

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටි 8 දෙනාට ඇප

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර ඇත. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පිරිස අද(05)ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක[…]

Read More »

හම්බන්තොට නගරාධිපතිගේ සමීපතමයෙකුගේ කැබ් රථයකට වෙඩි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සමීපතමයෙකු වන ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ් රථයකට හම්බන්තොට ගොන්නොරුව හයේ කණුව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ කැබ් රථයේ සිටි පිරිස විසින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අල්ලා පොලීසියට බාරදුන් බවයි. මෙම වෙඩි තැබීම සදහා යොදාගත් ගිනිඅවියද පොලීසිය භාරයට ගෙන ඇත. වෙඩි තැබීම[…]

Read More »