ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරනවා – ඇමති රිෂාඩ්

ත්‍රස්තවාදය තමන් කිසිවිටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මන්නාරම අගරදගුරු, ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා අතර අද (01) පැවැති හමුවකදීය. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළ[…]

Read More »

ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතුයි

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකු ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බව විශේෂ ප්‍රදේශ සංවර්ධන රජ්‍යය අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. අමාත්‍යයවරයා එ බැව් පැවසුවේ අමාක්‍යවරයාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් අද (01) හැටන් ක්‍රිස්තියානි සංගම් ශාලාවේ කදුරට ජනතා පෙරමුණේ සමාජිකයන් විසින් සංවිධානය කර තිබු ජන්ම දින සැමරුම්[…]

Read More »

මරණීය දණ්ඩනයට විරුද්ධ සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි. මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්තී‍්‍ර දූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැඟීමට බව ද[…]

Read More »

ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාවට පොලීසියෙන් 7000ක්

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 7000කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පෙරහර වෙනුවෙන් විශේෂ වූ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහනුවර පොලිස් ස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Read More »

අසාද් නවාවි සහ චමත් දිලීප කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම අරඹයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සහ චමත් දිලීප පීරිස් මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය.

Read More »

ගතවූ මාස 7 තුළ අපරාධ නඩු 4390ක කටයුතු අවසන්

2019 වසරේ ගෙවුනු මාස 7ක කාලය තුළ නඩු 4390ක කටයුතු නීතිපතිවරයා විසින් අවසන් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ ඉන් නඩු 2901 කට අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි. එමෙන්ම නඩු 1247ක් සම්බන්දව අදාළ පොලිස් ස්ථානවලට නීතිපතිවරයා විසින් ලිඛිත උපදෙස් දී තිබේ.

Read More »

ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකර එහි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට[…]

Read More »

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අදින් ඇරඹේ

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් මුල්වරට පවත්වනු ලබන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අද සිට ආරම්භ වේ. ඒ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අද බර්මින්හෑම් හිදී ඇරඹෙන අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියත් සමගය. වසර දෙකක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය 2021 ජූනි මස 14 වැනිදා ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය[…]

Read More »

Update : එ.ජා.පයේ නව සන්ධාන යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව සන්ධානය පිහිටුවීමේ කෙටුම්පත පිළිබද එකගතාවකින් තොරව අවසන් වී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යධිකාරි මණ්ඩල අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය. ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ද ගෙන තිබේ. Update :[…]

Read More »

කේරළ ගංජා කිලෝග්රැම් 112 ක් ‍සොයාගනියි

යාපනය,මාදගල් වෙරළ තීරයේ තිබි කේරළ ගංජා කිලෝග්රැම් 112 ක් නාවික හමුදාව විසින් සොයාගෙන පොලිසිය වෙත ඊයේ(31) භාරදුන් බව යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි. ‍පොලිසිය පැවසුවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සඟවා තිබු කේරළ ගංජා තොගයක් මාදගත් වෙරළ තීරයේ තිබි සොයාගෙන ඇති බවයි. සැකකරුවන් ඉටිකොළවලින් ආවරණය කොට ගෙන කේරළ[…]

Read More »

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර වශයෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවේ කටයුතු වලින් ඉවත් වන බව ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සදහන් කළේය.

Read More »