July2019

තිලාන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උප ද්ශකවරයෙක් ලෙස පත් කර තිබේ. අගෝස්තු මස 14 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා මෙම පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More »

මම A/L රිවිෂන් කරනවනෙ මේ බලන්න ටියුට්ස්

පසුගිය සතියේ පාර්ලිමේන්තු පැමිණියත්, ‘සභාව කට්’ කර ඉක්මනින් පනින මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් රාමනායක ඉදිරියට ගිය මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේ ය. ‘‘ඇයි මේ ඔබතුමා සභාව කට් කරලා කොහෙද දුවන්නේ…’’ එවිට රන්ජන් ඊට උත්තර දුන්නේ අතේ වූ ‘ෆයිල් ගොන්න’ ද පෙන්වමිනි… ‘‘මම ඒලෙවෙල් රිවිෂන් කරනවනෙ… විභාගෙ ළඟ හින්දා පාඩම් කරන්නත් එපැයි නෙ… ඒකයි[…]

Read More »

තාජුදීන් ඝාතන නඩුව : අනුර සේනානායකගේ ඇප කොන්දේසී ලිහිල් කරයි

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරිම සහ ඒවා වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි මේ දක්වා කඩ කිරීමක් සිදුකර නොමැති හෙයින් පොලිසියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහු වෙත[…]

Read More »

අධිකරණයට අපහස කලාට රන්ජන්ට එරෙහිව චෝදනා පත්‍රය ශේෂ්ඨධිකරණයෙදී භාර දෙයි

අධිකරණයට අපහස කිරීමේ 2වන චෝදනාවට අදාලව අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශේෂ්ඨධිකරණයෙදී චෝදනා පත්‍රය භාර දී ඇත. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී .බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ බාරදීම සිදුකර ඇත. චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව[…]

Read More »

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 82ක් ලියාපදිංචි කර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්

සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 දෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහුසකම් සලසමින් ඔවුන් ලියාපදිංචි කරගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය. මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තිදෙනෙකු ගොණු කළ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. මෙම පෙත්සම් විභාග කරනු ලැබුවේ බුවනෙක[…]

Read More »

අගමැතිගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් 3800ට පත්වීම්

උපාධිධාරීන් 16,800කට රජයේ පත්වීම් ලබාදීමේ පළමු අදියර යටතේ 3800 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම අද(30)දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිතව ඇත. අනෙකුත් සියලුම පත්වීම් අගෝස්තු මස 02 වන දිනවන විට ලබා දී අවසන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළ අතර අද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු[…]

Read More »

නෙල්ලිකැලෙන් මායාරංජන් යටපත් වී ‘‘බුරියා’‘ පෙරට

පොලිසියෙන් අරෝවක් නැතිනම් නීතියට පිටුවා පැයට කිලෝ මීටර් සියය ඉක්මවා වුව වාහන ධාවනය කළ හැකි පුළුල් බවක් සහ සුමට මතුපිටක් සහිත සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගයේ ‘‘පියාසර කළ’’ අප රැගත් රථය දමන පොලිස් ස්ථානය අද්දර මඳකට නතර කෙරිණි. ඒ කාක් සූට් කිහිපයක ‘‘උණුසුම’’ අපේ පවුලටම යාන්තමින් දැනුණ බැවිනි. නෙල්ලිකැලේට යන්නේ කොහොමද?’’[…]

Read More »

බදියුදීන්ට එරෙහිව යලිත් විශ්වාසභංගයක් ගෙන එනවා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අමාත්‍ය ධුරවලින් ඉල්ලා[…]

Read More »

බීඩී‍ කොළ කිලෝ 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් 2019 ජූලි 29 වන දින උදෑසන නාවික හමුදා බාරයට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව මුර සංචාරයේ යෙදී සිටි අතරතුර ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික[…]

Read More »

කැබිනට් මණ්ඩලය රැස්වන වෙලාව වෙනස් වෙයි

අද සිට සෑම අඟහරුවාදා දිනකම පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට උදෑසන 7.30ට රැස්වීමට තීරණය කර ඇත. මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 9.30ට වන අතර මින් ඉදිරියට එය උදෑසන 7.30ට රැස්වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More »

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා CCD අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කටුපොතදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොහු අත්අඩංගුවට ගත් බවයි. මොහු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලබා ඇති බව ද අනාවරණය වී තිබේ.

Read More »