ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය පිළිබද වාර්තාව ජනපතිට

මෙරටට ආනයනය කරන ලද කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබද වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද පිළිගන්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත එම වාර්තාව පිළිගැන්වීය.

Read More »

සාක්ෂි ලබාදීම රාජකාරියට ගැටළුවක් විය හැකියි – නීතිපති කියයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය. එහිදී නීතිපතිවරයා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් තමා[…]

Read More »

වසාදැමුණු පේරාදෙණිය කළමණාකරණ පීඨය ලබන සදුදා යළි විවෘත කෙරේ

පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පේරාදෙණිය සරසවියේ කළමණාකරණ පීඨ සිසුන්ට 28 වැනි ඉරිදා දින නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය දැනුම් දෙයි. පසුගිය 19 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේය.

Read More »

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටීයි. මේ අතර මෙම තරගය[…]

Read More »

රවිගේ බෙදාගැනීම ජයටම

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ පරදින එජාප ආණ්ඩුවේ ඇමති කම් දරණ රවි කරුණානායක ඇමතිවරයා ජනතවගේ දේපල,මුදල් අයිතින් සියල්ලම තමාගේ දේපල ලෙස භාවිතා කරමින්,තම හිතවතුන් තම අමාත්‍යංශයට යොමු කරමින් ජනතා දේපල කොල්ල කන්නට කටයුතු කරන බව, දුෂණ විදු නෙතින් සංවිධානයේ සභාපති චාරුක කරුණාරත්න මහතා පවසයි. මේ යටතේ, රවි කරුණානායක මහතාගේ[…]

Read More »

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු නිකුත් කෙරේ

විශ්වවිද්‍යාලවලට මෙවර සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද (26) වනදා අලුයම නිකුත් කරන ලදී 2018/2019 නව අධ්‍යයන වර්ෂයට අදාළ එම ඉසඩ් ලකුණු ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ac.gov.lk යන වෙබ් අඩවියේන් ලබා ගත හැකිය. නැතහොත් ugc හිස්තැනක් විභාග අංකය ඇතුලත් කර 1919ට එස්.එම්.එස් කිරීමෙන් තමන් තේරී[…]

Read More »

අමාත්‍ය මද්දුම බණ්ඩාරගේ හා හැරිසන්ගේ විෂය පථ මාරුවෙයි

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර ඇත. අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන[…]

Read More »

පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අද සන්ධාන ගත වී ඇත. ඒ විජේරාමේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබමිනි. එම ගිවිසුමට හේමකුමාර නානායක්කාර මහතාගේ මව්බිම ජනතා පක්ෂය, එස් . සභාතිරන් මහතාගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ, විනයාගාමුර්ති මුරලිදරන් මහතාගේ දමිළ එක්සත් නිදහස් පෙරමුණ[…]

Read More »

විදුහල්පතිගේ අල්මාරිය කඩා ප්‍රශ්න පත්‍ර සොරා ගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

හැටන් කළාප අධ්‍යාපන කාර්යාලයට අයත් මස්කෙළිය ෆෙයා ලෝන් දෙමළ විද්‍යාලයේ විදුහල්පති කාමරයේ අල්මාරිය කඩා එහි තිබූ දෙවන වාර විභාගයට අදාළව ඉදිරියේදී පැවැත් වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ සිසුන් දෙදෙනෙකු මස්කෙළිය පොලීසිය විසින් සැකපිට අද (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. විදුහල්පතියරයා විසින් කරන ලද පැමිණිල්ලකට[…]

Read More »

සත්පෝරුව චෛත්‍ය හරා නිදන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය හරා නිදන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරුවන් විසින් මෙම විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය දෝනාවක් ආකාරයෙන් සූක්ෂම ලෙස හාරා නිදන් සොයා තිබේ. ඔවුන් චෛත්‍ය තුල අඩි ගනනක් මෙම දෝනාව[…]

Read More »

කුණු කන්ටේනර් පිළිබඳව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය කැඳවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එම කන්ටේනර්වලින් දැඩි දුඟදක් වහනය වීම හේතුවෙන් මේ පියවර ගත් බව එහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළ අතර අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් කොළඹ[…]

Read More »