වෛද්‍ය සාෆිට ඇප

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ට ඇප ලබාදෙන ලෙසට කර ඇති ඉල්ලීම පිලිබඳ නියෝගය මේ වන විට ලැබී ඇත එම නියෝගයට අනුව මීට සුළු මෙනාහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.. ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක[…]

Read More »

පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් ලැබුනේ නැහැ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප‍්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙසට තමන්ට කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි. ඒ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලාබාදෙමින් මේ බව සඳහන් කළේය. නමුත්[…]

Read More »

රාජ්‍ය අමාත්‍ය රන්ජන් මහා සංඝරත්නය පිළිබදව කළ ප්‍රකාශ පිළිබඳ විමර්ෂණයට ත්‍රිපුද්ගල කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය[…]

Read More »

පාසල් දරුවන්ට දෙන කිරි පැකට් ගැන සැකයක් තියෙනවා – මහජන අයිතීන් සුරැකීමේ පදනම

රජය මගින් ලබාදෙන කිරි පැකැට්ටුව පාසල් දරුවන්ට ලබානොදෙනෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි. එහි අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම කිරි පැකැට්ටුවේ ඌරුතෙල් සහිත කිරි තිබිය හැකි නිසා එහි කිසිදු ප්‍රමිතියක් නැති වීම හා සෞඛ්‍ය සම්බන්ධයෙන් සහතිකයක් දෙන්නට නොහැකි නිසා මේ[…]

Read More »

මන්ත්‍රී ලසන්තට හා ජනපති සොයුරු ඩඩ්ලිට එරෙහිව කථනායකවරයාට විපක්ෂයෙන් පැමිණිල්ලක්

පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට කරන බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (25) කථානයකවරයාට පැමිණිලි කළහ. මෙම පැමිණිල්ල ඉදිරිපත් කලේ ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොෂාන් රණසිංහ, ඉන්දික අනුරුද්ධ, කංචන[…]

Read More »

ඉදිරි මැතිවරණ ජයගන්න පොහොට්ටුව හෙට සිට අලුත් ගමනක

ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණ ප්‍රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවීම හෙට (26) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම[…]

Read More »

රූමස්සල කඳු පාමුල ගල්පර්වතවල වැදී සිරවී තිබු නැවෙන් තෙල් ගොඩ බෑම අවසන්

රූමස්සල කඳු පාමුල ගල්පර්වතවල වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබු තෙල් ප්‍රමාණය මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී නැවෙන් ඉවතට ගැනීමේ කටයුතු ඉකුත් 21දා ආරම්භ කළ අතර ඊයේ (24) සවස වනවිට සියලු තෙල් ප්‍රමාණයන් ඉවතට ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී හැකිවිය. සියලු[…]

Read More »

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් ලබන මස 08දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද 25 මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. එදින උදෑසන 8 පසු[…]

Read More »

වෛද්‍ය සාෆි අධිකරණයට හමුවට

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද (25) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. දැඩි ආරක්ෂාව මැද වෛද්‍යවරයා අධිකරණයට ගෙනවිත් තිබූ අතර, අධිකරණය අවට ද දැඩි ආරක්ෂක් අද දිනයේ යොදවා තිබේ. වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වීමෙන් පසු[…]

Read More »

අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා කොළඹ ප්‍රදේශ රැසක ජාල කප්පාදුවක්

අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ[…]

Read More »

මැලේරියා ඇලෙන් මැගසින් සහ ජීව උණ්ඩ මතුවෙයි

පුත්තලම පොලීසිය ආසන්නයෙන්ම ගලා බසින මැලේරියා ඇලේ තිබී ටී 56 ගිනි අවියට යොදන මැගසින් 03 ක් සහ ජීව උණ්ඩ 30 ක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි. අද  (25) පෙරවරුවේ පුත්තලම නගර සභාවේ සේවකයින්ට මෙම මැගසින් සහ ජීව උණ්ඩ හමුවී ඇත.පසුව ඔවුන් මේ බව පුත්තලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර[…]

Read More »