එංගලන්තයට තවත් පරාජයක් – ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 64කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටියේය. ආරෝන් ෆින්ච් ශතකයක් වාර්තා කිරීමට ද එහිදී සමත් විය. ඊට අමතරව ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස්කර[…]

Read More »

බදුල්ලේ රක්ෂිතයක ගින්නකින් අක්කර 100ක් විනාශ වෙයි

බදුල්ල වීර්යපුර කඳු රක්ෂිතය හෙවත් බදුල්ල සිරිපා කන්ද නමින් ප්‍රසිද්ධ කඳු රක්ෂිතයේ පෙරේදා (25) දින සවස ගින්නක් හටගෙන තිබුණි’ මෙම ගින්නෙන් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වන්නට ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම කඳු රක්ෂිතයට රථ වාහන ගමන් මාර්ග නොමැතිවීමෙන් ගින්න නිවා දැමීමට ගිනි නිවන ඒකක වලට[…]

Read More »

ජනමත විචාරණ කතාව අසත්‍යක් – දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනයයි

ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත්[…]

Read More »

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර 6වන සාකච්ඡාව අද

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීම නියමිතයි. මෙම පක්ෂ දෙක අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (26) දින දක්වා කල් තැබුණි.

Read More »

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනපති අත්සන් තබයි

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සඳහා දිනයද තීරණය කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටි අතර සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More »

යුද හමුදාපති සහ බදියුදීන් අද විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද 6 වන දිනටත් රැස්වීමට නියමිතව ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් අද (26) දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ,[…]

Read More »
වතුර

අද පෙරවරු 09සිට පැය 24ක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජල නළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් වන අතර මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,[…]

Read More »