අලි රොෂාන්ට එරෙහි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි

අලි ජාවාරම්කරුවෙකු වන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම ඉල්ලීම අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා[…]

Read More »

නාමල්ට මංගල සීනු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ බලය මහින්දට පැවරුණේ ය. ඒ සියල්ලන්ගේ ම ඒකමතික තීරණයක් අනුව ය. මෙම රැස්වීමෙන් පසුව පැවති තේ පැන් සාදයේ දී එළඹෙන සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන නාමල් රාජපක්ෂ ගේ ‘විවාහ මංගල්‍ය’ ගැන ද කතාබහ කෙරුණි. නාමල්ගේ මනාලිය ‘තිලක් වීරසිංහ’ නමැති[…]

Read More »

වෛද්‍ය ෂාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංඝනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එය වැඩබලන පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර තමන් රඳවා තබා ගැනීම නීතිවිරෝධි බවත් එම[…]

Read More »

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දිමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අනුමැතිය හිමි වූ අතර මෙම යෝජනාවට ජනාධිපතිවරයා මීට පෙර විරෝධය පළ කළද අද අමාත්‍ය මණ්ඩල රැස්විමේදී[…]

Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32වන තරගය මේ වන විට ලෝඩ්ස් පිටියේදී ආරම්භ වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයොන් මෝර්ගන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝඩ්ස් පිටියේ මේ වන විට පන්දුවට පහරදෙමින් සිටී.

Read More »

යුධ හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට

යුධ හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි. කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ[…]

Read More »

යුධ හමුදාපති සහ රිෂාඩ් බදියුදීන් හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දිනයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා කැඳවා තිබේ. මීට අමතරව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමන්‍ය අධිකාරීවරයා ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට[…]

Read More »

චමින්ද – හරීන් ගැටුම උත්සන්න වෙයි – හරීන්ට බදුල්ලෙන් ඡන්දය ඉල්ලන්නට ඉඩ තියන් නැහැ චමින්ද කියයි

අඟහරුවාදා පාර්ලිමේන්තු සැසියේ දී එජාප පසුපෙල මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ලේ එජාප ප්‍රබලයෙකු පිළිබඳ කරන්නට නියමිත වූ ‘විශේෂ ප්‍රකාශය’ ද සිදුවූයේ නැත. ඒ එජාපයේ ප්‍රබලයින්ගේ ‘දැඩි අවවාද’ මත ය. කෙසේවෙතත්, ‘එම ප්‍රකාශය’ සිදුවිය යුතුව තිබුණේ, ‘හරීන් ප්‍රනාන්දු’ ඇමතිවරයාට එරෙහිව ය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසියේ ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු ලොබියේදී හමුවූ එජාප[…]

Read More »

කබීර් හලීම් නැවත දිවුරුම් දීම ගැන රනිල් දැනගත්තේ ‘නිවුස් ඇලට්’ එකෙන්

පසුගිය අඟහරුවාදාවේ දී ම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ රිෂාඩ් බද්‍යුදීන් සමඟ ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළිත් ඇමතිවරුන් වශයෙන් දිවුරුම්දීම ය. මේ අය දිවුරුම් දුන්නේ කැබිනට් රැස්වීමෙන් පසුව ය. යම්තාක් දුරට ‘රහසිගත ආකාරයට’ ය. ඒ වන විටත් ‘සිරිකොතේ’ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද පැවැත්වෙමින් තිබුණි.[…]

Read More »

අපි දැනට පිට්ටනිය හදමු අපේක්ෂකයා ඇවිත් ලස්සනට ඒ පිට්ටනියේ සෙල්ලම් කරලා ‘කප් එක’ ගහයි

ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් ‘පොදු ජන පෙරමුණ’ ද ලහි ලහියේ සූදානම් වන බව පෙනේ. ප්‍රසන්න රණතුංග පසුගිය මැතිවරණවල ජයග්‍රහණ ප්‍රතිශත සසඳමින්, ගණන් හදමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‘පොදුජන පෙරමුණට’ දිනාගතහැකි ඡන්ද සංඛ්‍යාව පුරෝකථනය කරගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් ‘ගණන් හදමින්’ සිටී. ඒ අනුව මේ දිනවල ප්‍රසන්න අතේ වැඩිපුරම ගැවසෙන්නේ ‘කැල්කියුලේටරය’කි. වාහනයේ[…]

Read More »

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ තාවකාලිකව තහනම් වෙයි

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළදාම් කටයුතු තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා තිබේ. ලිපියක් මගින් සභාපති ‌කේ. වී. සුසන්ත පෙරේරා මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී සිදුවූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළද ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින[…]

Read More »