සහරන් සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මොහොමඩ් අසරුදීන් නැමති 32 හැවිරිදි අයෙක් වෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් හි සංචාරක සමාගමක[…]

Read More »

කොක්කුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට පහරදීමක් – ආවා කල්ලියේ බවට සැකයක්

යාපනය,කොක්කුවිල් දුම්රිය ස්ථානයේ උප දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඊයේ(12) සවස කිසියම් පිරිසක් පහරදි තුවාල සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ දුම්රිය ස්ථානාධිපතිවරයා කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ සිටියදී නම දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ පහරදීම සිදුකොට ඇති බවයි. පහරදීමෙන් තුවාල ලැබු වයස අවුරුදු 30 ක් පමණ වන දුම්රිය ස්ථානාධිපතිවරයා යාපනය රෝහල[…]

Read More »

ලංගමයේ වර්ජනයේ නිරිත සේවකයින් අර්ජුන සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් වර්ජනයේ නිරත සේවකයින් සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන් බව වාර්තා වෙයි. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල ලේකම් රංජිත් විජේසිරි මහතා සඳහන් කළේ[…]

Read More »

මේජ් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත් කර තිබේ. සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා මෙලෙස පත්[…]

Read More »

පකිස්ථානය පරාජය කළ ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 307ක් රැස්කර ගැනීමට සමත් විය. කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර ලකුණු 107ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ආරෝන් ෆින්ච් ලකුණු 82ක් රැස්කර ගැනීමට[…]

Read More »

පාකිස්ථාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5කට නිදහස

පාකිස්ථානයේ ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5දෙනෙකු නිදහස් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසීය. පසුගිය මාර්තු මස 26 වැනි දින එම ධීවරයින් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස්[…]

Read More »

වැඩබලන ඇමැතිවරු 03ක් පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැති

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍යාංශ 03කට වැඩබලන ඇමැතිවරුන් තුන්දෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලිපිය ජනාධිපතිවරයා වෙත අගමැතිවරයා 12වනදා යවා ඇති බව එම ආරංචි මාර්ගවලින් සඳහන් වන අතර රවුෆ්[…]

Read More »

පෙම්වතාගේ පිහි ඇනුමින් සරසවි සිසුවියක් රෝහලේ

කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් අයගේ වයස අවුරුදු 22ක් වන පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සඳහන් වෙයි.

Read More »

හිස්බුල්ලා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2 ට යළි රැස්වීමට නියමිතව ඇත අද කමිටුව හමුවට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් සහභාගී වෙයි. එයට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද කැඳවා[…]

Read More »

කොච්චිකඩේ දෙවස්ථානය ප්‍රතිසංස්කරණයයෙන් පසු යළි විවෘතයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඊයේ (12) යළි විවෘත කර ඇත. ඒ, එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 52 කට පසුව වන අතර ඊයේ දිනයළි විවෘත කිරීම වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Read More »

ජනපති නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් පවත්වනු ලබන අතර එයට සහභාගී වීම සඳහන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි. 14 සහ 15වන දින සමුළුව ඇරැඹෙන අතර,15 වැනිදා ජනාධිපතිවරයා[…]

Read More »