හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ[…]

Read More »

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7කට ඇප

මිනුවන්ගොඩ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 7දෙනෙකුට ඇප ලබාදීමට අද (12) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින් එළඹෙන 19 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කළේය.[…]

Read More »

මුලතිව්හිදී මුතු තල්මසෙකු ධීවර දැළකට හසුවෙයි

මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධිවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පවසති. මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි. තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ[…]

Read More »

රන්ජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි නීතිපතිට නියෝග

අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියෝග කර ඇත. එම චෝදනා පත්‍රය මාසයක් ඇතුළත ගොනු කරන්නැයි අද (13) අධිකරණය නියම කල අතර ඉකුත් නොවැම්බර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්[…]

Read More »

පහෙන් දෙකක් වත් දිනන්න ඕනේ – මාලිංග එනවා කියලා පොරොන්දු වුණා

ඉදිරියේදී පැවැත්වෙන තරග පහෙන් දෙකක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ගත යුතු බව කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි. ඊයේ (11) ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අවලංගුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තරග වදින්නේ හොද කණ්ඩායම් 5ක් සමග බවයි. එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් දිමුත් කියා[…]

Read More »

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට 21වනදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මෙම මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය නියෝග කර ඇත. ගැසට් පත්‍රයක සඳහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇති බව පවසමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමක් ඊයේ[…]

Read More »

ළමා උපකාරක සේවයට වාර්ෂිකව පැමිණිලි 9000ක්

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබේ. මෙවර ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ “ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු” යන්නය. මෙම දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන පරිදි වාර්ෂිකව ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929)[…]

Read More »

ඇමතිකම් ඉල්ලා එජාපයෙන් යැවූ නම් ලැයිස්තුව ජනපති ප්‍රතික්ෂේප කරයි

පසුගියදා කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම හේතුවෙන් ජනාධිපතිවරයා එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති[…]

Read More »

මොරටුමුල්ලේ කාණුවක තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් සොයාගැනේ

මොරටුමුල්ල ශාන්ත අන්තෝනි මාර්ගයේ ලී වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී උණ්ඩ තොගයක් සොයා ගෙන ඇත. පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම උණ්ඩ තොගය ඇතුළු ආයුද සොයා ගත් බව පොලිසිය සඳහන් කරන අතර රිවෝල්වරයක් සහ මැගසිනයක් සොයාගෙන ඇත. 9 MM වර්ගයේ උණ්ඩ 50 ක් සහ තවත් උණ්ඩ 04 ක් ද[…]

Read More »

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරඟය අද පැවැත්වීමට නියමිතය. ඒ, ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ටවුන්ටන් හි The Cooper Associates County පිටියේදී පැවැත්වීමට නියමිතය.

Read More »

හෙට සිට අනුරාධපුරයේ සුරාසැල් 19වනදා දක්වා වැසේ

හෙට (13) සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි. පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

Read More »