ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මැති ඇමැතිවරු අස්ගිරි මල්වතු මහානාහිමිවරු බැහැදකී

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මැති ඇමැතිවරුන් අද (11) අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහානාහිමිවරු බැහැදැක තමන්ගේ ස්ථාවරය පිළිබදව දැනුවත් කර තිබේ. එහිදී මුස්ලිම් අමාත්‍යවරු සදහන් කර ඇත්තේ සියලුම මුස්ලිම් මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකර නිදහස් වන තුරු කිසිදු ඇමති ධූරයක් භාරනොගන්නා බවයි.

Read More »

අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ බවට හෙළිවෙයි – 03ක් අත්අඩංගුවට

2008 වසරේ ජූලි මාසයේ සිට අතුරුදන්වූ බවට වාර්තාවූ කොක්අඩිචෝලේ පොලීිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව අනාවරණ වී ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම පොලිස්[…]

Read More »

නිදහස් පක්ෂය නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17ක් පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත් කර ඇත. නව සංවිධායකවරුන් අද (10) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන ඇති අතර ජනාධිපති කාර්යාලයේදී එම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක[…]

Read More »

කෘෂිකර්ම බඳවා ගැනීම් ඉදිරියේදී කෘෂි අධ්‍යාපනය හැදෑරූ අයට පමණයි – පී.හැරිසන්

ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා යාන්ඔය ජලාශ ඉදිකිරීමේදී ඉඩම් පරිත්‍යාග කළ ගොවීන් හට 2018 මහ කන්යේදී කන්න වන්දි පිරිනැමීමට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ[…]

Read More »

අනුරාධපුරයේ පාසල් 11ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වැසෙයි

අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11 ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිට පළාත් වලින් අනුරාධපුරයට පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක සාමාජිකයින්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා එම තීරණය ගෙන ඇති[…]

Read More »

අසාද් සාලි සාක්ෂි ලබාදීම අරඹයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබදව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂිදීම ලබාදීම සදහා පැමිණ තිබේ. මෙහිදී අදහස් දක්වමින් අසාද් සාලි මහතා කියා සිටියේ තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ 1994 සිට මුස්ලිම් ජනතාව විසින් රජය දැනුවත් කළ බවයි. පාර්ලිමේන්තු විශේෂ[…]

Read More »

ත්‍රි රෝද රථ ගාස්තුව අද සිට රුපියල් 10 කින් ඉහළට

ත්‍රි රෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 10 කින් අද (11) දින සිට වැඩි කළ බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් රුපියල් 50 ක් වශයෙන් පැවති පළමු කිලෝමීටර් ගාස්තුව අද සිට ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේය. පෙට්‍රල් මිල ඉහළයාමට අමතරව ත්‍රිරෝද[…]

Read More »

විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) නියම කළේය. මෙලෙස දඩ නියම වුයේ යාපනය ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථ රියදුරෙකුට සහ සහයකවරයකුට වේ. මොවුන් පසුගිය 9 වැනි දින පස්වරුවේ මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින්[…]

Read More »

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දුන් තරුණයා රිමාන්ඩ්

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා ලබන 18 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඒම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල[…]

Read More »

බංග්ලාදේශ තරඟයෙන් පසූ මාලිංග දිවයිනට

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී ඇත. එම හේතුවෙන් අද (11) දින බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කරයි. සිය නැන්දම්මාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත අතර අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා[…]

Read More »

මංගලගේ නම ගමෙන් ගලවන්න ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. එම යෝජනාවට පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබුණු බව වාර්තා වන අතර අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත[…]

Read More »
1 2 3