අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 3කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් වැඩිකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක් වන අතර මිල සුත්‍රය යටතේ මිල සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4 න් 3 කම මිල මෙවර සංශෝධනය කර නැත. මේ දිනවල ජාත්‍යන්තර[…]

Read More »

රු. කෝටි 162ක් වංචා කළ සක්විතිට වසර 9කට පසු ඇප ලැබෙයි

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර 9කට අධික කාලයක් රක්ෂිත බන්ධානාගාරව සිටි චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදල් තැන්පතු ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු[…]

Read More »

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරනවා

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500%කින් වැඩිකරන බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වයෙන් තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේය. “අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි[…]

Read More »

යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවායේ කෑලෑ බද ප්‍රදේශයකින් සොයාගනී

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ගම්වාසීන් විසින් වැල්ලවාය පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව මෙම නිල ඇදුම් සොයාගෙන ඇති අතර එම නිල ඇදුම් අතර යුද හමුදා කම්බට් ඇදුම් තුනක්,නම්බර් සික්ස් ටෙලිකොට් ඇදුම් එකක්, නම්බර් සික්ස් රෙදි වලින්[…]

Read More »

ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සදහා යළි විවෘත කෙරේ

ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ පර්යන්තයන් හි ප්‍රවේශ ශාලා මේ වන විට නැවතත් අමුත්තන් වෙත විවෘත කර තිබේ. ගුවන් තොටුපළ බලධාරීන් සදහන් කළේ අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ප්‍රවේශ ශාලා විවෘත කළ බවයි. ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන්[…]

Read More »

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව අද (10) පෙරවරුවේ[…]

Read More »

කුවේටයට ගිය ශ්‍රී ලාංකිකයින් 41ක් දිවයිනට

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41දෙනෙකු අද (10) යළි දිවයිනට එවා තිබේ. මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැදී සිටි තරුණයින් 29 දෙනෙකු ද අද (10) අලුයම 2.10 ට කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා[…]

Read More »

ස්මිත්ට එරෙහි වූවන්ට කෝලිගෙන් සංඥාවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09) ඕවල්හි පැවැති තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි වී තිබේ. හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටිය ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් විරෝධය පළ කර ඇත. ඒ ස්ටීවන් ස්මිත් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම[…]

Read More »

අබ්දුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – ලබන 24 දක්වා රක්ෂිත බන්ධානාගාරයට

පාස්කු ඉරුදින ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය. මෙම පැමිණිල්ල අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ[…]

Read More »

හකීම්ගේ ඇමතිකම් ලකීට – කබීර්ගේ ඇමතිකම් අනෝමාට

ඉල්ලා අස්වූ රවුෆ් හකීම් මහතා දරණ ලද නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශවල වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මේ අතර පසුගියදා ඉල්ලා අස්වූ කබීර් හෂීම් මහතා දරණ ලද මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය[…]

Read More »

රිෂාඩ්ගේ ඇමතිකම් බුද්ධිකට

කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More »