“ප්‍රහාරයෙන් පස්සේ රට ගොඩගන්නවා වෙනුවට ඒක පොලිටිකල් ෂෝ එකක් කරගන්න එපා”

මහින්ද සහ රනිල් අතර හමුවක් පසුගිය සඳුදා පැවැත්විණි. ඒ අරලියගහ මන්දිරයේදීය. සාකච්ඡාව පැවැත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙනි. මහින්දගේ පාර්ශ්වයෙන් බන්දුල, සුසිල්, ලොකුගේ සහ ගම්මන්පිල ද රනිල්ගේ පාර්ශ්වයෙන් මංගල සහ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. අප්‍රේල් 21[…]

Read More »

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10කට අධි චෝදනා ගොනු කරන්න අවසර ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එම නඩුවේ ස්වභාවය, සංකීර්ණභාවය, බැරෑරුම්කම හා එකී වංචාවෙන් රටේ[…]

Read More »

හැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නැහැ – ඇමති චම්පික

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තීරණය ගැන තමන් කණගාටුවට පත්වන අතර, මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී තිබෙනවා නම් වහාම ඒවා විසඳය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ රට හදන, රකින ජාතික මග ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගි වෙමිනි. මුස්ලිම් සමාජය මෙහිදී කි‍්‍රයාත්මක වන ආකාරය අප තේරුම් ගත[…]

Read More »

ඇමති ධූර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පා. මන්ත්‍රීවරුන් හෙට විපක්ෂ නායක හමුවීමට තීරණය කරයි

පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනා හෙට (08) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර තිබේ. හෙට (08) උදෑසන 10.00ට මෙම හමුව සිදුවීමට නියමිතයි. මේ අතර එම මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායම ලබන සතියේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතයි.

Read More »

ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පලුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබද ගැටළුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි. ඒ මහතා මෙම අදහස් පලකළේ, පසුගියදා[…]

Read More »

iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි. එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ. පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Read More »

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අනිවාර්ය නිවාඩු යැවීම පිළිබඳව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇත. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්[…]

Read More »

වැලිකන්දේ පාසල් ඉඩමකින් පුද්ගල නාශක බෝම්බ දෙකක් සොයාගැනේ

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. වැලිකන්ද පොලීසිය ඊයේ (06 ) දින මෙම බෝම්බ දෙක සොයාගත් බවයි. එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක් බව පොලීසිය සඳහන් කරයි. මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව[…]

Read More »

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර හයවන වටයේ සාකච්ඡාව ජූනි 17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට අවසන් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ දෙක අතර හයවන වටයේ සාකච්ඡාව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

Read More »

කාලගුණයෙන් රතු නිවේදනයක්

අද සිට ලබන 9වනදා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් සදහන් කර ඇත්තේ ඉදිරි දින තුන තුළ කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මී. 150 – 200ත් අතර ඉතා තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.[…]

Read More »

මුලතිව් දේවිපුරම් ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

මුලතිව්,‍පුදුකුඩිඉරිප්පු,දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(06) සවස ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අත්බෝම්බ දෙකක්, ආර්.පි.ජි.උණ්ඩයක්,පතුරම් තොගයක් හා යකඩ කැබලි තොගයක් එලෙස සොයාගත් බවයි. අදාළ ගෙවතු හිමියන් ළිඳ පිරිසිදු කරන අවස්ථාවක අදාළ උපකරණ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ[…]

Read More »