යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ශ්‍රීලනිපය ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා[…]

Read More »

පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක කළේ ජාතිවාදී ව්‍යාපාරයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, දේශපාලන හෝ ජාතිවාදී ව්‍යාපාරවලට එම එකමුතුකම විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතු[…]

Read More »

ජෙෆ්රි ඇලෝසියස්ට රට යන්න අධිකරණයෙන් අවසර

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට ලබන ජූලි පළමු වැනිදා සිට අගෝස්තු 7 වැනි දා දක්වා ඉන්දියාවට සහ කැනඩාවට යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06) මෙලෙස අවසර ලබාදුන්නේය. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මේ වන විට අධිකරණය[…]

Read More »

විශේෂ කාරක සභාව හමුවේ හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි ඉදිරිපත් කිරීම අරඹයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විය.

Read More »

හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නම් කර තිබේ. පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 13[…]

Read More »

ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ නීතිපති කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළව දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් යළි කැඳවීමට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ ප්‍රතික්ෂේප කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (06) මෙම තීන්දුව ලබා දුන්නේය. ව්‍යාපාරිකයෙකු බියගන්වා බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක් ලබාගැනීම ඇතුළු[…]

Read More »

ලීමෝල් – වඩුමඩු තහනම් කරනවා – ලී මෝල් හිමියන්ට හිමියන්ට වෙනත් රැකියාවක් සොයාගන්න වසර 5ක කාලයක්

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය. ජගත් පරිසර දින සැමරුම්[…]

Read More »

පාස්කු ප්‍රහාරයේ සියලූ පෙත්සම් විභාගය ලබන මස 12 වනදා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති සියලූ පෙත්සම් ලබන මස 12 වනදා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල එම තීරණය පෙත්සම්කාර පාර්ශව වෙත අද දැනුම් දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. එහිදී විනිසුරු[…]

Read More »

කහටගස්දිගිලිය පාසල් භූමියක් තුළ තිබී ඩෙටනේටර් තුනක් හමුවෙයි

කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවී ඇත. එම විදුහලේ විදුහල්පතිවරයා පැවසුවේ මේ හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි. පාසල විවෘත කිරීමට පෙර එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විද්‍යාල භූමිය තුළ කළ සෝදිසියේදී පොලිතින් බෑගයක දමා තිබූ මෙම ඩෙටනේටර් සහ සේවානූල් අද පෙරවරුවේදී සොයා[…]

Read More »

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා ගැන ජනපතිතුමා පොඩි ඉඟියක් දුන්නා – පා.ම. මුතුහෙට්ටිගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා අන් කවරෙකුවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “මම දන්නවා, මගෙ ඇඟට තේරෙනවා, අවුරුදු 21ක් මමත් මේ පක්ෂෙ හිටියා. දැන් අපිට ඊළඟ නායකයා හැටියට පත් කරන්න වෙන[…]

Read More »

ඇමති රවීගේ දුව ඔනෙලා CIDයට

අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා එල්ල වූ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

Read More »