අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සුදුසුකම් ලැබූ එම පුද්ගලයින් සඳහා ලබන 11 වන දා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවයි. ප්‍රායෝගික පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතයි.

Read More »

ආණ්ඩුවේ මුස්ලිම් අමැතිවරු ඉල්ලා අස්වීම අවාසනාවක් – සුමන්තිරන්

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවයි.

Read More »

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් කරපු දේට ගෞරව කරනවා – රංජන්

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගෞරව කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවැති එක්සති ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් රන්ජන් රාමනායක කියා සිටියේ පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස[…]

Read More »

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද පස්වරුවේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. දෙරට අතර මෙතෙක් එක්දින තරග තුනක් පැවැති අතර, ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. අවසන්වරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය ඇෆ්ගනිස්ථානය ජය[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) වැසි සහ සුළංතත්ත්වයේ වැඩිවීම අද දිනයේත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්  මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම,බස්නාහිර[…]

Read More »

දොස්තර සාෆිගේ තවත් වැඩ

කුරුණෑගල ශික්ෂණ රෝහල මේ දිනවල දුක් අඳෝනාවලින් පිරී ගොසිනි. එහි පැමිණ අඳෝනා නගන්නේ අම්මලාය. මේ එවන් එක් අඳෝනාවකි. ‘‘මට පළමුවැනි බබා හම්බ වුණේ 2011 ජුනි 16 වැනිදා. ඩොක්ටර් සාෆි තමයි සීසර් කරලා බබාව ගත්තේ. එයින් පස්සේ අවුරුදු අටක් තිස්සේ බබෙක් හදාගන්න උත්සාහ කළත් බැරි වුණා. තවමත් බබෙක් නෑ’’ එසේ කියන්නී[…]

Read More »
අගමැති

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පෙරවරුවේ

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතයි. එම රැස්වීම අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. අද දින‌යේ විපක්ෂනායකවරයා බොහෝදුරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More »

පැරදුන තරඟය අමතක කරන්න එපා – ඒකෙන් දෙයක් ඉගෙන ගන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරය අද පැවැත්වීමට නියමිතයි. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට පෙර ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. ප්‍රශ්නය – ලසිත් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට නවසීලන්ත තරගයෙන් ලැබී පරාජයෙන්[…]

Read More »

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද පස්වරුවේ

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ. අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

Read More »