පූජ්‍ය රතන හිමිගේ උපවාසයට සහාය පලකරමින් හලාවත නිහඬ උද්ඝෝෂණයක්

පුජ්‍ය රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහාය පල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් මේ වන විට හලාවත නගරයේදී පැවැත්වේ. මෙම නිහඩ උද්ඝෝෂණය හලාවත නගර වාසීන් විසින් සංවිධානය කර තිබේ. ජූඩ් සමන්ත – හලාවත

Read More »

දිවයිනේ සියලුම සුරාසැල් වසාදමන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ ලිපියක් අද (03) දිනයේ යොමු කරමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ වන විට රටේ පවතින[…]

Read More »

රතන හිමිට සහයෝගය දක්වමින් මීගමුව කොළඹ බස් රථ ධාවනයෙන් නවතී

පූජ්‍ය අතුරලියේ රත්න හිමියන්ගේ උපවාසයට සහයෝගය දක්වමින් මීගමුව – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. අප වාර්තාකරු සදහන් කළේ ධාවනයෙන් ඉවත් වූ එම බස් රථ රියදුරන් සහ රිය සහායකයින් මේ වන විට මීගමුව බස් නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව ඇති බවයි.

Read More »

අගුණුකොළපැලැස්ස නගරයෙත් උද්ඝෝෂණයක්

සිව්වන දිනටත් උපවාසයේ නිරත වෙමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන්ට සහයෝගය දක්වමින් හම්බන්තොට අගුණුකොළපැලැස්ස නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ අගුණුකොළපැලැස්ස නගරයේ වෙළෙදසැල් වසා තබමින් අද උදෑසන සිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබෙන බවයි.

Read More »

දකුණු අප්‍රිකානුවන් පරදවා බංග්ලාදේශ තරගය ජයගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 330ක් රැස්කර ගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 78ක් සහ සකීබ් අල් හසන් ලකුණු 75ක් රැස්කර[…]

Read More »

මහනුවර නගරයේ උද්ඝෝෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවට සහයෝගය දක්වමින් මහනුවර නගරයේ මේ වන විට උද්ඝෝෂණ රැළියක් පැවැත්වෙමින් තිබේ. මෙම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගි වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළේය.

Read More »

රතන හිමිගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට

සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට ගොස් තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ අද පෙරවරුවේ කාදිනල් හිමිපාණන් රතන හිමිගේ සුව දුක් විමසා බැලූ බවයි.

Read More »

අගමැති විපක්ෂනායක හමුවක් අද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි. ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ ය. රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා[…]

Read More »