ශ්‍රී ලංකා පිල ලකුණු 136කට දැවී යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය සදහා නවසීලන්තය සහ ශ්‍රී ලංකා අතර තරගය මේ වන විට පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා විසින් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 29යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු[…]

Read More »

ටෙන්ඩර් කමිටුවේ සභාපති පාසල් රක්ෂණය දුන්නේ විදෙස් සමාගමකට බව දන්නේ නැතිලු

පාසල් සිසුන්ගේ රක්ෂණ කොන්ත්‍රාත්තුව භාර දුන් සමාගම විදේශ රක්ෂණ සමාගමක් බවට තමා දැන නොසිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පෝෂණ අධ්‍යක්ෂ රේණුකා පීරිස් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ දී පැවසීය. යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂමේ සාක්කි විමසීමේදී ඇය ඒ බව පැවසුවාය. අවුරුදු 5 –[…]

Read More »

විදෙස් හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ තියෙන්නේ නැහැ

තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. පවුල් ලක්ෂ 6 කට සමෘද්ධි සහනාධාරය ප්‍රදානය කිරීමේ උත්සවයකට පොළොන්නරුවේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කියාසිටියේ.

Read More »

තව්හිද් තහනම නීතිපති ළඟ වසර 2ක් හිරවෙලා

තව්හිද් ජමාද් සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම සංවිධානය තහනම් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට වසර දෙකක් තිස්සේ නිසි ප්‍රතිචාර ලැබී නැත. මෙම ලිපි ගොනු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් නීතිපතිවරයා වෙත යොමු කර ඇත්තේ 2017 වසරේදීය. සහරාන්ගේ ක්‍රියාකාරකම් හා තව්හිද්[…]

Read More »
srilankan

ශ්‍රී ලංකා-පාකිස්තාන ගුවන් ගමන් යළි ආරම්භ කෙරේ

මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01) යළි ආරම්භ කෙරිණි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ප්‍රථම ගුවන් යානය අද දහවල් 12.20ට කටුනායක සිට කරච්චි බලා පියාසර කළ බවයි. පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 කරච්චි නුවර[…]

Read More »

ආනයනික රසායන ද්‍රව්‍ය ආරක්ෂක අංශවල අධීක්ෂණයට

මෙරට ආනයනය කරන සියලුම රසායනික ද්‍රව්‍යයන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ විමර්ශනයට ලක්කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති අග අරුණට අනාවරණය කළේය. සිරියාවේ අයි.එස්. ත්‍රස්තයන් ඇතුළු ලොව සිටින ත්‍රස්ත සංවිධාන රසායනික අවි ප්‍රහාර එල්ල කරන කාලවකවානුවක ශ්‍රී ලංකාවට ගෙන්වන රසායනික ද්‍රව්‍ය ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයක්[…]

Read More »

කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය සදහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තවත් සුළු වේලාවකින් තරග වැදීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායකයා විසින් දිනාගත් අතර, ඔහු පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට නියමිතයි.

Read More »

ජනාධිපති කැමැතිනම් තව අවුරුදු දෙකක් පුළුවන් – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

‘‘ආරක්ෂක ප්‍රධානීන් ගෙදර යන වයසේ’’ යන ශීර්ෂය යටතේ 2019 මැයි මස 26 වන දිනැති සති අග අරුණ පුවත්පතෙහි පළමු පිටුවේ පළ කර ඇති ප්‍රවෘත්තියෙහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය සම්බන්ධයෙන් සඳහන් වීම පිළිබඳ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලට ලිපියක් එවා ඇත. එහි මෙසේද සඳහන් වේ. 2019 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික[…]

Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟ අද

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම සමගය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට වේල්සයේ Sophia Gardens පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් එක්දින තරග 105ක් පැවැති අතර, ඉන් තරග 48ක් නවසීලන්තය විසින් ජයග්‍රහණය[…]

Read More »

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දෙවන දිනට අදත් උපවාසයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේය. ඊයේ (31) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට[…]

Read More »

යහපාලනයට සහාය දුන් සුළු පක්ෂ රැසක සහාය පොදුජන පෙරමුණට

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සුළු පක්ෂ රැසක සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය. ඒ අනුව හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මව්බිම ජනතා පක්ෂයට හා සතාසිවම්ගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ සමග පසුගිය[…]

Read More »