June2019

යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සහ දීමනා හෙට සිට ඉහළට

2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ නැංවීම හෙට (01) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ , ලක්ෂ 11 ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500 ක අන්තර් කාලීන දීමනාව මේ යටතේ හිමිවන බවයි. ඊට අමතරව ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම,[…]

Read More »

හෙමින් ගමනක් යන්න සිහින දකින මධුශානී

ඇය අලුතින් පුංචි තිරයට පැමිණි යුවතියක්. නමුත් ලැබුණ සීමිත චරිත තුළින් ඇය තම දක්ෂතාව වර්ධනය කර ගත්තා. මෝස්තර නිරූපණය හරහා පුංචි තිරයට පැමිණි ඇය නුදුරේම සිනමාපටයකින් ඔබ හමුවෙනවා. මධුශානි සකුන්තලාව මුණ ගැසෙමු. කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ? ඉස්කෝලේ යන කාලේ ඉඳලම කලාවට කැමැතියි. ඉස්කෝලේ ඩ්‍රාමා කළා. මගේ පාසල කැස්බෑව ධර්මසේන ආටිගල[…]

Read More »

ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය මේ වන විට ආරම්භවී තිබේ. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තීරණය කළේය.

Read More »

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධයි – අගමැති

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා[…]

Read More »

කටුගස්තොට ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක්

කටුගස්තොට ඇල්දෙණිය ප්‍රදේශයේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇත. පොලීසිය පැවසුවේ මහනුවර ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට කටයුතු කරන බවයි.

Read More »

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (30) කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය. ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට[…]

Read More »

එයා තමයි මගේ සිංහයා

වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගතකළ ජීවිතේ නිමා කරමින් මීට වසර 10කට පෙර දි හෂිනි නිලක්ෂිණි තමන්ගෙ බිරිඳ ලෙස තොරාගෙන තිබුණා. වසර දෙක හමාරක කාලයකට පෙර වික්ටර් හෂිනි නීත්‍යානුකූලව විවාහ වුණා. ඇතැම් අයගෙ ගැරහුම් ඇනුම් පද කිසිවක් සැලකිල්ලට නොගෙන සතුටම ශේෂකරගත් වික්ටර් හෂිනි කැදැල්ලට අප ගොඩ වුණා. ආදරණීය[…]

Read More »

ප්‍රසංග වේදිකාවේ වෙඩිල්ල භාචි

‘හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ… මම විඳිමි සෙනේ… මහ මෙරක් වගේ… ඔබ යමින් නතර වුව ගුවන් තලේ මම සෙමින් සෙමින් එමි නිසංසලේ…’ ඝරසරප චිත්‍රපටයේ තේමා ගීතය තාමත් හැම කෙනෙක්ගේම දෙසවනේ රැව් දෙනවා. මෙවැනි වෙනස් ගීත වගේම විසේකාරී, සරත් සඳේ, හිත හිරිවැටුණාදෝ, චන්න කින්නරාවී, නිහඬ ගමනේ යන ගීත ප්‍රේක්ෂකයන්ගේ ආත්මයම[…]

Read More »

ලොක්කන් නටවන දකුණේ පොලිස් කුමාරි

වැඩබලන ​පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත පසුගිය දිනෙක පොලිස්පති සහන මැදිරියේදී අපූරු විමර්ශනයක් සිදු කෙරුණේය. ඒ දකුණේ පොලිසි හොල්ලාගෙන සිටින බලවන්තියක් ගැනය. ඇයගේ නම කියූ පමණින් පොලිසියේත් ඇතැම් ලොක්කනන්ට දාදිය දමන්නේය. ඒ ඇයගේ කට ඇරියොත් තමන්ගේ සායම් සියල්ල සේදී යන බවත් දන්නා නිසාය. බලයේ සිටින පොලිස් ලොක්කන් සේම පැන්ෂන් ගිය[…]

Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් ජලය නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි කොළඹ ප්‍රදේශය භාර සහකාර සාමානාධිකාරී ඒ. කේ. කපුරුගේ මහතා සඳහන් කළේ කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 7.00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බවයි. ඊට හේතුවී තිබෙන්නේ අඹතලේ සිට කොළඹ[…]

Read More »

අවසන් වරට එල්ලුම්ගස් ගිය හොඳ පපුවාගේ ගමට ගියෙමි!

පපුවේ ‘‘හොඳ පපුවා’’ යනුවෙන් පච්චයක් කොටාගෙන සිටි නිසා ‘‘හොඳ පපුවා’ යැයි ප්‍රකට වුවද, ඔහුගේ නම ඒ. ජේ. එම්. චන්ද්‍රදාසය. එහෙත් ඔහු විසූ තිස්සමහාරාමයේ බොකුටුපැලැස්ස ගමේ අය ඔහු හැඳින්වූයේ ‘‘බේබි සිංඤෝ’’ නමිනි. ඇතැම්හු ඔහුට දියෝනිස් යැයිද කීහ. ‘‘හොඳ පපුවා’’ රටට ප්‍රසිද්ධ වූයේ 1969 වසරේ දිනක මුළු බොකුටුපැලැස්ස ගමම භීතියට පත් කරමින්[…]

Read More »
1 2 3 50