May2019

කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත. 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු විශ්වවිද්‍යාලය පෙරේදා විවෘත කිරීමත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය. එයට සිසුන් පිරිසක් විරෝධය[…]

Read More »

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී අද දහවල් 03ට ආරම්භ වීමට නියමිතව ඇත. එම තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්විමට නියමිතය.

Read More »

තලවකැලේ වතු නිවාස 24 ක් ගිනිගෙන විනාශ වෙයි

හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේලි නිවාස 24 ක් ගිනිගෙන මුළුමනින් විනාශ වු බව පොලිසිය පවසයී. තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් හොලිරූඩ් තේ වත්තේ කම්කරු නිවසක ඇතිවු ගිනිගැනිමක් නිසා එම පෙලේ නිවාස 24 ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ විය. එම ගිනිගැනීම 29 දා රාත්‍රි 10.30 ට පමණ ඇතිවි ඇති බවත් එමගින් එම[…]

Read More »

මොදිගේ පදවි ප්‍රාප්ති උළෙලට ජනපති ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහා වන අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එම උත්සයට සහභාගි වීමට නියමිතව ඇත.

Read More »

කිලිනොච්චියේ දෙපිරිසක් අතර ගැටුමකින් 09කට තුවාල

කිලිනොච්චිය,සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නම දෙනෙකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය පොලිසිය පැවසුවේ කිලිනොච්චිය සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර වු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුමින් කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර,[…]

Read More »

විපක්ෂ නායකට වෙඩි නොවදින රථයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමටයි එකඟ වී ඇත.

Read More »

දහසක් බුදුන් මැවූ සද්ධාරංසි හාමුදුරුවෝ

ජීවිතේ සියලු සැප ලබන්නට සැප සම්පත් තිබියදී බමුණුඅාරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍ර කුමාරට සිවුරට යන්නට ආසා හිතෙන්නේ වයස අවුරුදු 13 දීය. ඒ විශේෂයෙන් ආච්චි අම්මාගේත්, පවුලේ අයගේත් පෙලඹවීම ඔස්සේ ඇති වූ කැමැත්ත නිසාය. ව්‍යාපාරිකයකු වූ බී. ඒ. ගුණතිලකගේත් ගුරුවරියක වූ එම්. එම්. සෝමාවතීගේත් හතරවැනි දරුවා වූයේ චන්ද්‍ර කුමාරයි. දරුවන් 14 දෙනකු[…]

Read More »

අමිත් වීරසිංහ ලබන 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අද එම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගය[…]

Read More »

ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා

පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදී ය. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. ‘‘අපි විශ්වාසභංග යෝජනාව දෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා… කොහොම වුණත් අපි භාර දීපු යෝජනාව තමයි මුලින්[…]

Read More »

සාස්තර කියන දේව වරම ගන්න ලක්ෂ දෙකයි?

‘‘දේව වරමින් ශාස්ත්‍ර කියනු ලැබේ’’ මෙම සඳහන සහිත පුවරු මගතොට දී අප ඕනෑ තරම් දැක ඇත. එමෙන්ම සමහරු මෙම දේව වරමින් කියැවෙන ශාස්ත්‍ර ඇසීමට විශේෂ කැමැත්තක් දක්වති. මෙම දේව වරම යනු කුමක්ද? එය කෙසේ ලැබෙන්නක්ද යන්න පිළිබඳ බොහෝ දෙනකු ප්‍රමාණවත් ලෙස කරුණු දන්නා බවක් නොපෙනේ. මෙලෙස දේව වරමින් ශාස්ත්‍ර කියන[…]

Read More »

උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read More »