May2019

පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 77 දෙනෙකු වවුනියාවට

මීගමුව ප්‍රදේශයේ සිටි පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණගාතයින් 77 දෙනෙකු ඊයේ (30) වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරු භූමියේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ගෙනැවිත් ඇති බව වවුනියාව ජනතාව පවසයි. ප්‍රදේශවාසීන් පැවසූවේ දකුණට එපා වු පිරිස් භාර ගැනීමට වවුනියාවේ මුස්ලිම් දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින අතර ඊට වවුනියාව හා උතුරේ ජනතාව අකමැති බවයි. රජය සරණගාගතයින්[…]

Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සත්කාරක එංගලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම විශිෂ්ඨ අන්දමින් ජයගැනීමට සමත්ව තිබේ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 104කට පරාජයට පත්කරමිනුයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමු පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු[…]

Read More »

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වන අතර, එක්දින සේවය රුපියල් 15000ක් වේ.

Read More »

විජේදාසට රුපියල් මිලියන 500 ක් ගෙවන්නැයි ලේක්හවුස් ආයතනයට නියෝග

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ. ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි. ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් මඩකලපුව, අම්පාර, දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කළේය.

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා

පසුගිය අප්‍රේල් 8 වනදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමේදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත දැනුවත් කිරීමක් සිදුකළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වන කිසිදු දැනුම්වත් කිරීමක් තමා වෙත සිදුනොකළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර ආරක්ෂක මණ්ඩලයේ[…]

Read More »

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ගුවන් හමුදා මූලස්ථානයේදී අද උදෑසන එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් වැඩ අරම්භ කළ අතර ගුවන් හමුදාපතිවරයාට මෙහිදී සම්ප්‍ර‍දායික උත්තමාචාරයන් ද පිරිනැමුණි.

Read More »

බැඳුම්කර කොමිෂමට අසත්‍ය ප්‍රකාශ කළාට රවීට නඩු

මහ බැංකු බැඳුම්කර වංචා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම්දී ඇත. එලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 189 වැනි වගන්තිය යටතේ ගැනෙන[…]

Read More »

බෝම්බ බිය අස්සෙන් ඩෙංගු බිය මතුවෙයි

පසුගිය දිනවල පාසල් වසා දැමුණේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත බිය නිසාය. පාසල් පටන් ගත්තද දරුවන් පාසල් එවන්නට දෙමාපියන් මැළිවූයේ බෝම්බ බිය සම්පූර්ණයෙන්ම පහව නොගිය හෙයිනි. දැන් යළි පාසල් ආරම්භ වී ඇතත් ගම්පහ පැත්තේ පෞද්ගලික පාසලකට දරුවන් යවන්නට දෙමාපියන් මැලි වී තිබේ. එයට හේතුව වෙනත් බියකි. ඒ ඩෙංගු බියයි. එයට හේතුව වැඩ බිමක[…]

Read More »

බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක තිබී කැමා ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් සොයාගැනේ

පොලීසියට ලද තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි බණ්ඩාරවෙල ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන ඇත. සෝදිසි කල එම නිවසේ මිදුලේ තිබී අඩි 2ක ගංජා පැළයක්ද හමු වී ඇති බවපොලීසිය[…]

Read More »

තණමල්විලෙන් හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගැනේ

තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන ඇත. විදුලි ඩෙටනේටර් 1 ක්, බයිසිකල් බෝල ග්‍රෑම් 195 ක් අඩංගු පාර්සල් එකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් ග්‍රෑම් 215ක්, ගිනි පෙට්ටි 10 ක්, වයර්[…]

Read More »