දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් මඩකලපුව, අම්පාර, දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කළේය.

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා

පසුගිය අප්‍රේල් 8 වනදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමේදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත දැනුවත් කිරීමක් සිදුකළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වන කිසිදු දැනුම්වත් කිරීමක් තමා වෙත සිදුනොකළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර ආරක්ෂක මණ්ඩලයේ[…]

Read More »

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ගුවන් හමුදා මූලස්ථානයේදී අද උදෑසන එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් වැඩ අරම්භ කළ අතර ගුවන් හමුදාපතිවරයාට මෙහිදී සම්ප්‍ර‍දායික උත්තමාචාරයන් ද පිරිනැමුණි.

Read More »

බැඳුම්කර කොමිෂමට අසත්‍ය ප්‍රකාශ කළාට රවීට නඩු

මහ බැංකු බැඳුම්කර වංචා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම්දී ඇත. එලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 189 වැනි වගන්තිය යටතේ ගැනෙන[…]

Read More »

බෝම්බ බිය අස්සෙන් ඩෙංගු බිය මතුවෙයි

පසුගිය දිනවල පාසල් වසා දැමුණේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත බිය නිසාය. පාසල් පටන් ගත්තද දරුවන් පාසල් එවන්නට දෙමාපියන් මැළිවූයේ බෝම්බ බිය සම්පූර්ණයෙන්ම පහව නොගිය හෙයිනි. දැන් යළි පාසල් ආරම්භ වී ඇතත් ගම්පහ පැත්තේ පෞද්ගලික පාසලකට දරුවන් යවන්නට දෙමාපියන් මැලි වී තිබේ. එයට හේතුව වෙනත් බියකි. ඒ ඩෙංගු බියයි. එයට හේතුව වැඩ බිමක[…]

Read More »

බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක තිබී කැමා ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් සොයාගැනේ

පොලීසියට ලද තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි බණ්ඩාරවෙල ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන ඇත. සෝදිසි කල එම නිවසේ මිදුලේ තිබී අඩි 2ක ගංජා පැළයක්ද හමු වී ඇති බවපොලීසිය[…]

Read More »

තණමල්විලෙන් හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගැනේ

තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන ඇත. විදුලි ඩෙටනේටර් 1 ක්, බයිසිකල් බෝල ග්‍රෑම් 195 ක් අඩංගු පාර්සල් එකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් ග්‍රෑම් 215ක්, ගිනි පෙට්ටි 10 ක්, වයර්[…]

Read More »

කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත. 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු විශ්වවිද්‍යාලය පෙරේදා විවෘත කිරීමත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය. එයට සිසුන් පිරිසක් විරෝධය[…]

Read More »

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී අද දහවල් 03ට ආරම්භ වීමට නියමිතව ඇත. එම තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්විමට නියමිතය.

Read More »

තලවකැලේ වතු නිවාස 24 ක් ගිනිගෙන විනාශ වෙයි

හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේලි නිවාස 24 ක් ගිනිගෙන මුළුමනින් විනාශ වු බව පොලිසිය පවසයී. තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් හොලිරූඩ් තේ වත්තේ කම්කරු නිවසක ඇතිවු ගිනිගැනිමක් නිසා එම පෙලේ නිවාස 24 ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ විය. එම ගිනිගැනීම 29 දා රාත්‍රි 10.30 ට පමණ ඇතිවි ඇති බවත් එමගින් එම[…]

Read More »

මොදිගේ පදවි ප්‍රාප්ති උළෙලට ජනපති ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහා වන අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එම උත්සයට සහභාගි වීමට නියමිතව ඇත.

Read More »