විපක්ෂ නායකට වෙඩි නොවදින රථයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමටයි එකඟ වී ඇත.

Read More »

දහසක් බුදුන් මැවූ සද්ධාරංසි හාමුදුරුවෝ

ජීවිතේ සියලු සැප ලබන්නට සැප සම්පත් තිබියදී බමුණුඅාරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍ර කුමාරට සිවුරට යන්නට ආසා හිතෙන්නේ වයස අවුරුදු 13 දීය. ඒ විශේෂයෙන් ආච්චි අම්මාගේත්, පවුලේ අයගේත් පෙලඹවීම ඔස්සේ ඇති වූ කැමැත්ත නිසාය. ව්‍යාපාරිකයකු වූ බී. ඒ. ගුණතිලකගේත් ගුරුවරියක වූ එම්. එම්. සෝමාවතීගේත් හතරවැනි දරුවා වූයේ චන්ද්‍ර කුමාරයි. දරුවන් 14 දෙනකු[…]

Read More »

අමිත් වීරසිංහ ලබන 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අද එම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගය[…]

Read More »

ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා

පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදී ය. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. ‘‘අපි විශ්වාසභංග යෝජනාව දෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා… කොහොම වුණත් අපි භාර දීපු යෝජනාව තමයි මුලින්[…]

Read More »

සාස්තර කියන දේව වරම ගන්න ලක්ෂ දෙකයි?

‘‘දේව වරමින් ශාස්ත්‍ර කියනු ලැබේ’’ මෙම සඳහන සහිත පුවරු මගතොට දී අප ඕනෑ තරම් දැක ඇත. එමෙන්ම සමහරු මෙම දේව වරමින් කියැවෙන ශාස්ත්‍ර ඇසීමට විශේෂ කැමැත්තක් දක්වති. මෙම දේව වරම යනු කුමක්ද? එය කෙසේ ලැබෙන්නක්ද යන්න පිළිබඳ බොහෝ දෙනකු ප්‍රමාණවත් ලෙස කරුණු දන්නා බවක් නොපෙනේ. මෙලෙස දේව වරමින් ශාස්ත්‍ර කියන[…]

Read More »

උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read More »

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ඉන්දිය නිලධාරීන් 02කින් යුත් කණ්ඩායමක් දිවයිනට

N.I.A හෙවත් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇත. ඒ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් ඉන්දියාව සමඟ පැවති සබඳතා පිළිබඳ විමර්ශනය කිරිම සඳහා වන අතර ඉන්දීය පොලිස් ප්‍රධානී ආලෝක් මිත්තල්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩාමේ අරමුණ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය හා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු මොහොමඩ්[…]

Read More »

දිවයිනේ පළාත් කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද හා ඉදිරි දින දෙක තුල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඔවුන්[…]

Read More »

රිෂාඩ් ඇමතිතුමාට පොහොට්ටුවෙ පැත්තට එන්න කියලා ලොක්කො දිගටම කතාකරනවලු

බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වූ අතර එදින පාර්ලිමේන්තු එන ගමන් රනිල්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මෙසේ කීවේ ය. ‘‘21 වැනිදා ප්‍රහාරයයි ඇමති රිෂාඩ්ට විරුද්ධ හා ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයි පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට කලින් තේරීම්කාරක සභාවක් පත්කරලා මේ ගැන කරුණු හොයන එක හොඳයි… තේරීම්කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුළත එළිදක්වන්න[…]

Read More »

මාන්කුලමේ දෙපිරිසක් අතර ගැටුමකින් 04කට තුවාල

කිලිනොච්චිය,මාන්කුලම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ(29) රාත්‍රියේ ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිවිදෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ දෙපිරිසක් අතර වු බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුමින් කාන්තාවන් සිවි දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවසක දේපළ වෙතද හානි සිදුව ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය[…]

Read More »

ධම්මික පෙරේරා පොදු අපේක්ෂකය වෙනවද?

ගයන්ත කරුණාතිලකට ද ‘තවත් ස්වාමීන් වහන්සේ නමක්’ පිළිබඳ ‘පක්ෂයේ මතය’ පැහැදිලි කරගැනීම අවශ්‍ය විය. ‘‘ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට නිදහස දෙන්න ජනාධිපතිතුමා ගත්තු තීරණය ගැන එජාප ස්ථාවරය මොකක්ද…?’’ ගයන්ත කරුණාතිලක විමසුවේය. ‘‘උන්වහන්සේ හිරේට ගියේ ආණ්ඩුව කරපු දෙයක් හින්දා නෙවෙයි, උසාවිය ඇතුළෙදි අධිකරණයට පරුෂ වචනයෙන් බැන්න හින්දා… දඬුවමුත් ලැබුණා… කොහොම වුණත්, මේ ගැන අධිකරණ[…]

Read More »