වෛද්‍ය සාෆි ගැන විමර්ශනයට 6දෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත් කෙරේ

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා සදහන් කළේ එම විමර්ශන මණ්ඩලයට සාමාජිකයින් 6දෙනෙකුගෙන් සමන්විත බවයි.

Read More »

දෙවන පුහුණු තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය – ඕස්ට්‍රේලියාවට කඩුළු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 5කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම තරයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් ලබාගත්තේය. එහිදී කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56ක් රැස්කර[…]

Read More »

දුම්මලසූරිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකින් 7දෙනෙකු අත්අඩංගුවට

දුම්මලසූරිය යදම්වෙල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ යුද හමුදාව හා පොලීසිය එක්බද්ධව මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි. එහිදී පෙට්‍රල් බෝම්බ 08ක් , යතුරු පැදියක් හා රුපියල් 560,000 ක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබූ ආරක්ෂක අංශය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට[…]

Read More »

බීඩි කොළ 11000ක ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයකදී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ 11000කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයක තිබියදීයි. පොලීසිය පැවසුවේ ටයර් සෑදීමට පාවිච්චි කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් මෙම බීඩි කොළ ගෙනවිත් ඇති බවයි. ශ්‍රී ලංකා රේගුවේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති[…]

Read More »